
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු එහි කළමනාකරණ සහකාරවරයකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
අදාල කලමණාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අශෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමින සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව සිටි බව පොලිසිය කියයි.
මේ සම්බන්දයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණ.
කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට කියලා විතරක් මදි දිස්ත්‍රික් ලේකම් හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ වෙත දැන්වීමක් කර විනයානුකූලව කටයුතු කරන්න ඕන සාමාන්‍යයෙන් ඉස්සර හිටපු නිළධාරි නම් කලේ එහෙම තමයි අනේ මන්දා වර්තමානයේ නිළධාරි මොනවාද කියන්නෙ කියලා තේරුම් ගන්න බැහැ ඔය නිළධාරියා ඕක එදා විතරක් නොවෙයි මෙයට පෙරත් කරන්න ඇති එහෙම නම් අනවධානය හා නොසැලකිල්ල යටතේ ආයතන ප්‍රධානීන්ටත් විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් චක්‍රලේඛ අනුව නම් මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි පාවිච්චියට අරගෙන පාවිච්චි කරමින් කාර්‍යාලයට හෝ කාර්‍යාල පරිශ්‍රයටත් ඇතුල්වීම තහනම් වෙනවා
ඔය කියන පුද්ගලයා ඕක හැමදාම කරන්න ඇති .ඉතින් එහෙම වෙලාවට ආයතන ප්‍රධානියා මුලින්ම තමන්ගෙ ළගට ගෙන්වා වාචිකව අවවාද කරන්න ඕන ඊළඟට ලිඛිතව අවවාද කරන්න ඕන තෙවරක් පමණ එහෙම කරලා බැරිනම් ඉහළ නිළධාරින් දැනුවත් කරන්න ඕන එහෙම කලානම් විනයානුකූලව කටයුතු කරන්න පහසුයි පොලිසියට කියද්දී නොපමාව දොස්තර කෙනෙකුට පෙන්වා බීමත්ව සිටීද කියලා තහවුරු කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් එම වාර්තාව අරගෙන ඉහළම නිළධාරි දැන්වත් කලානම් හොදයි කොහොම වුනත් ඔය පුද්ගලයා වත්මන් ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයක් වෙන්න පුළුවන්
ඔහු දේශපාලන හෙන්චයියෙක් වෙන්න පුළුවන්
මම දන්නා නීතියේ හැටියට රාජකාරි වේලාව තුළ බීමතින් සිටීම බරපතල ගනයේ වරදක් රාජ්‍ය සේවකයෙකුට. ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණයක්ම අවශ්‍ය නෑ... මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු සහතික කරනවා නම් මොහු බීමතින් කියලා, වැඩ තහනම් කරලා දැඩි විනය ක්‍රියාමාර්ගයක් අරගෙන සේවයෙන් පහ කරන්න වුණත් ඒක ප්‍රමාණවත්..
මෙම පුද්ගලයා ඒ අවස්ථාවේ මත්පැන් පානය කර සිට නොමැති අතර එදින ඔහු යම් පුද්ගලයෙකු සමග පුද්ගලික හේතුවක් මත සුළු ගැටුමක් ඇතිකරගෙන තිබේ. මෙම පුද්ගලයා හා කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා අතර කාලයකට පෙර සිදුවී ඇති බහින්බස් වීමක් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමග අමනාපයෙන් සිට ඇති අතර එයට පළිගැනීමට මෙය අවස්ථාවක් කරගෙන ප්‍රාදේශීය ලේකම්වරය විසින් පොලිසිය කැඳවා මෙම පුද්ගලයා බීමත්ව කලහකාරී ලෙස හැසිරුන බවට කැකිරාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඔහු අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලපෑම් කර ඇති බව දැනගන්නට ලැබී ඇත