IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙරිමතේ රාජකාරී කළ සා.කළමනාකරු පොලිසිය දක්කයි

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී රාජකාරී වේලාවේ බීමත්ව අශෝබන ලෙස හැසිරුනු එහි කළමනාකරණ සහකාරවරයකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

අදාල කලමණාකරණ සහකාරවරයාගේ මෙම බීමත් අශෝබන හැසිරීම නිසා එම කාර්ය මණ්ඩලයේ සෙසු පිරිස හා සේවා ලබා ගැනීමට එහි පැමින සිටි ජනතාව ද අපහසුතාවයට පත්ව සිටි බව පොලිසිය කියයි.

මේ සම්බන්දයෙන් කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කැකිරාව පොලිස් ස්ථානයට දැන්වීමට පියවර ගෙන තිබිණ.

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා  සිදු කළ දැනුම් දීම අනුව එහි ගිය කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්  ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ දී කලමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

 



අදහස් (6)

වෙරිමතේ රාජකාරී කළ සා.කළමනාකරු පොලිසිය දක්කයි

සත්‍යසේන Wednesday, 27 March 2024 04:32 AM

පොලිසියට කියලා විතරක් මදි දිස්ත්‍රික් ලේකම් හා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ වෙත දැන්වීමක් කර විනයානුකූලව කටයුතු කරන්න ඕන සාමාන්‍යයෙන් ඉස්සර හිටපු නිළධාරි නම් කලේ එහෙම තමයි අනේ මන්දා වර්තමානයේ නිළධාරි මොනවාද කියන්නෙ කියලා තේරුම් ගන්න බැහැ ඔය නිළධාරියා ඕක එදා විතරක් නොවෙයි මෙයට පෙරත් කරන්න ඇති එහෙම නම් අනවධානය හා නොසැලකිල්ල යටතේ ආයතන ප්‍රධානීන්ටත් විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් චක්‍රලේඛ අනුව නම් මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි පාවිච්චියට අරගෙන පාවිච්චි කරමින් කාර්‍යාලයට හෝ කාර්‍යාල පරිශ්‍රයටත් ඇතුල්වීම තහනම් වෙනවා

:       0       10

Kularathna Wednesday, 27 March 2024 06:40 AM

ඔය කියන පුද්ගලයා ඕක හැමදාම කරන්න ඇති .ඉතින් එහෙම වෙලාවට ආයතන ප්‍රධානියා මුලින්ම තමන්ගෙ ළගට ගෙන්වා වාචිකව අවවාද කරන්න ඕන ඊළඟට ලිඛිතව අවවාද කරන්න ඕන තෙවරක් පමණ එහෙම කරලා බැරිනම් ඉහළ නිළධාරින් දැනුවත් කරන්න ඕන එහෙම කලානම් විනයානුකූලව කටයුතු කරන්න පහසුයි පොලිසියට කියද්දී නොපමාව දොස්තර කෙනෙකුට පෙන්වා බීමත්ව සිටීද කියලා තහවුරු කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් එම වාර්තාව අරගෙන ඉහළම නිළධාරි දැන්වත් කලානම් හොදයි කොහොම වුනත් ඔය පුද්ගලයා වත්මන් ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයක් වෙන්න පුළුවන්

:       0       7

Bunny Preena Wednesday, 27 March 2024 09:19 AM

ඔහු දේශපාලන හෙන්චයියෙක් වෙන්න පුළුවන්

:       0       7

ගීත් Wednesday, 27 March 2024 10:03 AM

මම දන්නා නීතියේ හැටියට රාජකාරි වේලාව තුළ බීමතින් සිටීම බරපතල ගනයේ වරදක් රාජ්‍ය සේවකයෙකුට. ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණයක්ම අවශ්‍ය නෑ... මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු සහතික කරනවා නම් මොහු බීමතින් කියලා, වැඩ තහනම් කරලා දැඩි විනය ක්‍රියාමාර්ගයක් අරගෙන සේවයෙන් පහ කරන්න වුණත් ඒක ප්‍රමාණවත්..

:       0       3

චන්ද්‍රසිරි ජයරත්න Wednesday, 27 March 2024 06:05 PM

ඔව් ඒක ඇත්ත වුණත් වර්තමානයේ නිලධාරීන් එවැනි දැනුමක් තියෙන අය නොවෙයිනේ.. දැනුමක් තිබුණා වුණත් ජීවිතයට ආසයිනේ... සමහර විට ඔහු සමග දෙවැනි, තෙවැනි මට්ටමේ නිලධාරින් ඔහු සමග කටයුතු කරනවාද බලන්න. පහත් තැනින් යයි ගලා ජලේ කියලාත් හිතන්න ඕනෑ..!

:       0       0

අසංක සඳමාල් Wednesday, 10 April 2024 12:25 AM

මෙම පුද්ගලයා ඒ අවස්ථාවේ මත්පැන් පානය කර සිට නොමැති අතර එදින ඔහු යම් පුද්ගලයෙකු සමග පුද්ගලික හේතුවක් මත සුළු ගැටුමක් ඇතිකරගෙන තිබේ. මෙම පුද්ගලයා හා කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා අතර කාලයකට පෙර සිදුවී ඇති බහින්බස් වීමක් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමග අමනාපයෙන් සිට ඇති අතර එයට පළිගැනීමට මෙය අවස්ථාවක් කරගෙන ප්‍රාදේශීය ලේකම්වරය විසින් පොලිසිය කැඳවා මෙම පුද්ගලයා බීමත්ව කලහකාරී ලෙස හැසිරුන බවට කැකිරාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඔහු අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලපෑම් කර ඇති බව දැනගන්නට ලැබී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site