
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
මේ අනුව හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු දැනටමත් ඒ සම්බන්ධයෙන් එම කමිටුවට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කමිටුව ඉකුත් දා පත්කරනු ලැබීය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල කමිටුවේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.
මෙම කමිටුව සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එම වරප්‍රසාද සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පත අනුව එම හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන වේතන පමණි.
එහෙත් පසුගිය කාලවලදී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට බොහොමයක් වරප්‍රසාද ඇතුළත් කර ජල බිල්පත්, විදුලි බිල්පත් පවා රජයේ වියදමින් ගෙවීම් කර තිබූ බව දැනගන්නට ඇත.
ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අමාත්‍යාංශයක් හෝ විසින් අනුයුක්ත කරනු ලැබ ඇති වාහන සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් සොයා බැලෙනු ඇත.
එමෙන්ම එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ සදහා වැයවන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් ද සොයා බැලේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු විමසීමක් කර ඇතැයි වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තුව සඳහා (2022 – 2024) යන වසර තුනේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි හතක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ.
එම වාර්තාවට අනුව මෙම පිරිස නඩත්තුව සඳහා 2022 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එම මුදල රුපියල් කෝටි අටකට වැඩි මුදලක් දක්වා ද මෙම වර්ෂයේ එම මුදල රුපියල් කෝටි 11 දක්වා ද වර්ධනයවී ඇත.
වාර්තාවන අන්දමට මෙම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල පසුගිය කාලයේදී සියයට 45 කින් පමණ වර්ධනයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කාලේ කියන්නේ පෑය 24 න් කරනවා වගේ…. දැන් කියනවා ඒ ගොල්ලන්ගෙන් අහලා කරනවා කියලා…. අර ෆයිල් මිටි අපිට පෙන්නපු ඒවා තාම දැක්කෙත් නෑ… CID එකට ගිහිල්ලා දෙන්න විතරනේ තියෙන්නේ… බොරු කාරයෝ…
දැන් ඔය කොමිටි පත්කරලා අහන්න දෙයක් නැහැ... ඔබතුමාලා කිව්වේ... ඔබගේ ජනාධිපති, ආපු ගමන්ම අයින් කරනවා කියලා අපෙන් ඡන්ද ගත්තේ... දැන් නිකන් ලිස්සලා යන්න එපා.
කමිටුවට පත්කරල තියෙන්නේ උගත් අය ඒ නිසා ඒ අය කටයුතු කළ යුත්තේ සදාචාරාත්මකව බැවින් මෙහෙම විමසුවා වෙන්න ඇති. නමුත් ජනතාව බලාපොරොත්තු වන්නේ මේවා අහෝසි විය යුතුයි කියලා. අපි බලාපොරොත්තු වන්නේ හිටපු අයගේ පිටකසන ජාතියේ නිර්දේශ නම් නොවෙයි.
බොහොම කාලෝචිත දෙයක්. දුප්පත් මිනිස්සු වේලක් නොකා බදුවලින් මිරිකලා ජීවත් වෙද්දී මේ ගොල්ලෝ සුර සැප විඳිනවා. රට කාලා හොරකම් කලා මදිවට.
මොකට අහනවද ඒගොල්ලන්ගෙන්? ඒ ඔක්කොම වරප්‍රසාද නඩත්තු වෙන්නෙ රටේ ජනතාවගෙ බදුමුදල් වලින්. ඔක්කොටම කලියෙන්, රටේ ජනතාවගෙන් අහල ඉන්නවද, මොනවගෙ වරප්‍රසාද ප්‍රමාණයක් විශ්‍රාමික ජනපති කෙනෙක් ලැබිය යුතුද කියලා. මම නම් කියන්නේ, ජනතා සේවයත්, රාජ්‍ය සේවයට අනුයුක්ත කරලා, රාජ්‍ය සේවයට අදාළ සියළුම වරප්‍රසාද ලැබීමට සලස්සවන්න. එතකොට, ඔක්කොටම 60න් ගෙදර යන්නත් පුළුවන්...
මේ මොන මගුලක්ද? මේවා අහෝසි කරනවා කියලනේ අනුර සහෝදරයා පත්වුණේ... දැන් මොවුන්ගෙන් මොනවද මේ අහන්නේ? මොවුන් වරප්‍රසාද ඕනෙ කිව්වොත් දෙනවද?
ජනාධිපතිවරණයට කලින් නම් කිව්වේ බලය ලැබුණොත් මේ වරප්‍රසාද සියල්ලම අහෝසි කරනවා කියලයි. නමුත් දැන් මේ කමිටු පත් කරලා කරන්න යන්නේ ඒ වරප්‍රසාද ලබා දීම දිගටම කරගෙන යන්නද? විශ්‍රාම වැටුපක්, නිලනිවසක්, වාහන තුනක් සහ ලේකම් වරයෙක්. ජනාධිපති වීමට පෙර ඒ අය අනාථ නිවාසවලද ඉඳලා තියෙන්නේ? වාහන තුනකින් ගමන් යන්න තරම් විශ්‍රාමිකයෙකුට මොනවද තියන වැඩ? පොරොන්දු වූ පරිදි මේ සියල්ලම අහෝසි කරන්න. නැත්නම් NPP එකටත් ජනතාව සලකන හැටි දන්නවා...
කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැත. මෙම මුදල් අපේක්ෂා රෝහලට වෙන් කරන්න. සුළු මුදලක් හිඟන්නන් පුනරුත්ථාපනයට සහ දඩාවතේ යන බල්ලන්ට පිළියම් යෙදීමට උපයෝගී කරගන්න.
මාලිමාවට බලය ලැබුනේ. මේ නාකි නඩෙගේ නඩත්තු මුදල් කපා හරින බව පැවසූ හෙයින් දැන් මොකටද කමිටු...? කියපු විදියට වැඩේ කරන්න. එතකොට මොවුන් කරපු මිනිමැරුම්. සොරකම් රටේ මුදල් දේපල සොරාකාපු. ඒවාට දඬුවම් දෙන්න කමිටු පත්කෙරුවාද? මෙපමණ කාලයක් ජනතා මහන්සියෙන් සුරසැප විඳලා. තවත් මොකටද මොවුන්ට. දීමනා. මොවුන්ට ඒවා දෙන්න සුදුසුයිද? විශ්‍රාම නිවසක් සාදා හම්බන්තොටින්. මේ සැවොම ඒ නිවසට යවන්න. මිනිස්සු දන්නවා මොවුන් කටුස්සෝ වෙස් මාරුකරනවා කියලා. මොවුන්ගේ වත්කම් ගණනය කර බලන්න. එහෙම බැලුවාම මොවුන් සුදුසු නැහැ. ඒවා ලබාගන්න දුප්පත් ජනතාවගෙන්. මොවුන්ගේ ආරක්ෂාව මොවුන්ට සපයා ගන්න පුළුවන් සොරාකාපු. මුදල් කන්දරාව. මොවුන් ළඟ තියෙනවා. ගොබ්බ ගෝටාභය නේපාලයේ හැන්ගිලා ඉන්නෙ හෝටලයක. මයිනා කපුටා බිල් ගෙවන නිසානේ කරුණාකර මේවා නතර කරන්න. වේදිකාවේ කියපු විදියට වැඩේ කරන්න. හිරබාරයට ගන්න ඕනෑ අයට... නැවත වරප්‍රසාද දෙන්න යන්නේ කියපුවා අමතකද?
ලෝකෙම උතුම් සහ එකම රට, විශ්‍රාමික ජනපතිවරුන් 6 දෙනෙක් (එක ජනපති බිරිඳක් සමගින්) එකවර නඩත්තු කරන. අරුමෙක මහිම, එකත් බංකලොත් රටක වෙච්චි එක...
මේ අයගේ ළමයින්ට බාරදෙන්න. අපේ සල්ලි සතයක් දෙන්න එපා… රට බේරාගන්න අපු විරුවාවත් බලාගන්න වෙලා තියෙන්නේ අපිට…
අපිට එපා. පක්ශ අරමුදලට දෙන්න. පොලිත් එක්ක ඒකෙන් ගන්නම්...
මේ අයව මේ අයගේ ළමයින්ට බාරදෙන්න. අපේ සල්ලි සතයක් දෙන්න එපා… රට බේරාගන්න අපු විරුවාවත් බලාගන්න වෙලා තියෙන්නේ අපිටනේ...!
ළමයි බාර ගන්න බෑ කියනවා නම් මඩමකට බාර දෙන්න….
මෙතෙක් කාලයක් තමන්ට හිමි වරප්‍රසාද වලට එහාගිය විශාල වරදාන ප්‍රමාණයක් භුක්ති වින්දේ රටේ ආර්ථිකය විනාශ කරලා, රට බංකොලොත් වෙන තැනට වැඩ කරලයි. එහෙව් අය ගැන තව හොයහොයා ඉන්න දෙයක් නැහැ. තියෙන ඔක්කෝම බෙල්ල මුලින්ම කපලා අයින් කරන්න ඕනෑ.
ඔය මුදලට වැඩිපුරම දායක වෙන්නේ ආරක්ෂාවට ඉන්න සෙබළුන්ගේ සහ සේවක වැටුප්නේ. රටක හිටපු නායකයින් වෙනුවෙන් ඒ දේවල් ලබා දෙන එක ඕනෑම රටක වෙන දෙයක්. මේවාත් වැළැක්වුවොත් වෙන්නේ මීට පස්සේ රටේ දැවෙන ප්‍රශ්යනක් ආවොත්, ඒක විසඳන්න කිසිම මිනිහෙක් ඉදිරිපත් වෙන එකක් නැති වෙයි. පඩියකුත් නැතුව, විශ්‍රාම ගියාම කිසිම ආරක්ශාවකුත් නැතුව විශාල අවධානමක් තමන්ටත් පවුලේ අයටත් ගන්න නම්, බලය ගන්න එකාට මොලේ අමාරුවක් තියෙන්න ඕනෑ...
මේ ගොල්ලන්ගේ වියදම් රටට බරක්, විශේෂයෙන්ම ලංකාව වගේ බංකොලොත් රටකට, මාලිමාවට අනුරට මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ ගොල්ලන්ට දීලා තියන සිටුවර, වරප්‍රසාද ඔක්කෝම අයින්කරනවා කියලා පොරොන්දු වුණු නිසා, දැන් මොකද අනුර ජනාධිපතිතුමා යූ ටර්න් ගහන්න හදන්නේ? ඒ ගොල්ලන්ගෙන් ඇහුවොත් ඔය ඔක්කොම ඕනේ කියයි.
ඕනනේ... හිටපු අය එපා - බහුතර ජනතාව අනේ මන්දා - වෙන්න ජනාධිපතිලා...!
එයාලාට වැඩිය ගොඩාක් අසරණ අය ඉන්නවා.. ඔය මුදල් ඒ අසරණ අයට දෙන්න.. එයාලාට අපිවත් පින් ටිකක් එකතු කරලා දෙමු..
ඇයි අහ අහ ඉන්නේ..? කිව්ව විදිහට නතර කරන්න ඕනේ...!
බලමු රටේ අහිංසක මිනිස්සු දුක් විඳිද්දී මෙයාලා තවදුරටත් වරප්‍රසාද ඉල්ලයිද කියලා..!
ඕක අහ අහ ඉන්නත් දෙයක්ද? ඒ ගොල්ලන් සුර සැප විඳින්නත් අපි දුක් විඳින්නත් ඕනෑද? අනුර දිසානායකට කරන්න තිබ්බේ, විශ්‍රාම දෙක තුන ගන්න ඒවා කපලා දාලා ඊට පස්සේ විමර්ශනයක් කරන්න...!
මොවුන්ගෙන් අහන්න ඕනෙ නෑ. ඔවුන් එපැයි කියන්නේ නෑනේ. තව ඕනෑ කියනවා මිසක්.. ඒ නිසා ඔය ගොන් ප්‍රශ්න අහන්නේ නැතිව... ඔක්කොම කපලා දාන්න. රජයේ අනික් සේවකයින්ගේ ක්‍රමයටම, පෙන්ෂන් එකක් දෙන එක පමණයි කළ යුත්තේ... ඔවුන්ට රජවරු වගේ ජීවත් වෙන්න ඕනේ නම්, බදුමුදල්වලින් කරන්න එපා. ගිහින් රස්සාවක් හොයාගන්න කියන්න. යකෝ මෙහෙමත් ගොන් රජයක්ද ලංකාවේ තියෙන්නේ...?
හොඳම විසදුම මහා ඡන්දෙ තිබෙන දිනේම ස්විස්ටර්ලන්තේ කරන ආකාරයට ජනමත විචාරනයකුත් පවත්වන්න. මන්ත්‍රී විශ්‍රාම වැටුප් අවශ්‍යද ? පළාත් සභා අවශ්‍යද ? ජනාධිපතිලට බංගලා දෙන්න ඕනෙද ? විශ්‍රාම වැටුප් ගෙවන්න ඕනෙද , ශ්‍රී ලංකන් වැනි ආයතන රජය මගින් පාලනය කරන්න ඕනෙද ? සුරා බදු ලෙස කොපමණ මුදලක අය කරන්න ඕනෙද ? ඉන්දන මිල සුත්‍රය අවශ්‍යද නැද්ද ? එතකොට ඕවට වාද විවාද කර කර බොරුවට කාලය මිඩංගු කරන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න නිකන්ම විසදෙනවා. ජනතාවට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්,
කියන අයටත් රහ වැටිලා වගේ.
මේවා අපේ සල්ලි ඒ හින්දා අපෙන් අහන්නේ ඒ අයට වරප්‍රසාද දිය යුතුද කියලා.
සාධාරණ විසදුම වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ධූර කාලය තුළ ලැබෙන වැටුපට අදාළ EPF / ETF දායක මුදල් පුද්ගලික අංශයේ සේවකයන්ට ගෙවන විදිහට රජය මගින් අරමුදලට ගෙවන එක නිල නිවාස කියල විශ්‍රාම ගිය ජනාධිපතිලට කොළඹ 7 ගෙවල් දෙන්න අවශ්‍ය නැහැ . ඉන්න ගෙයක් නොමැතිනම් හෝ විශේෂ ආරක්ෂාවක අවශ්‍ය නම් තදාසන්න නොවන ප්‍රදේශයක විශේෂ හවුසින් ස්කීම් එකක් හදල මේ ගොල්ල එකේ පදිංචිකරවන්න පුළුවන්. වටපිටාවේ පදිංචිකරුවන් නොමැති නිසා ඔක්කොම ගෙවල් එක ළඟ තිබෙනවා නම් එක ආරක්ෂක භට කාණ්ඩයකට එම නිවාස ටික ආරක්ෂා කරන්න පුළුවන්. ආරක්ෂාව අත්‍යවශ්‍ය යුද්දෙට සම්බන්ධ හිටපු ජනාධිපතිවරුන්ට භටයෝ 20 කට නොවැඩි ප්‍රමාණයක් දීමේ වරදක් මම නොදකිමි. නමුත් ලබාදෙන පොලිස් නිලධාරීන් රාජකාරි කරන අවස්ථාවේ පොලිස් නිල ඇදුමෙන් සැරසී සිටිය යුතු අතර අදාල රාජකාරියට අමතර දේවල් නොකළ යුතුය.
ආයේ වරප්‍රසාද කමිටු පත්කරලා අමුතුවෙන් අහන්න දෙයක් නැහැ. බලයේ ඉන්න කාලෙත් කෙරුවේ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලින් ගසාකාලා හම්බකර ගෙන සුවසේ, සැපසේ ජීවත් වෙච්චි එක... ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත බලලෝබී, බඩගෝස්තරවාදියෝ. ජනාධිපතිතුමා පත්වී තාම කෙටි කාලයයි. එතුමා මැජික් කාරයෙක් නොවන බව අපි දන්නවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් ලැබුණු පසු අනිවාර්යයෙන්ම සිදුවෙයි කියා විස්වාස කරනවා...
රටක නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව වැඩ කිරීමට හැමෝම බැඳිලා ඉන්නවා. අනුර මේක පටන් අරන් තියෙන්නේ, ඒක හොඳ වැඩක්... අනික ඒ වරප්‍රසාද ලබා ගන්නා එක නොයන එක හිටපු ජනාධිපතිවරුන් සදාචාර සම්පන්නද නැද්ද කියන එක එයාලාටම තීරණය කරන්න දෙන එක හොඳයි. එයාලා අපිට මේවා එපා කිව්වොත් අපිට සතුටුයිනේ. අලේ තැම්බෙනකන් ඉන්න. අපි අල ටික ගලවාගෙන ආවා විතරයිනේ.. කොහොම හරි නීත්‍යානුකූලව එයාලා ගන්නා දේ , තනි පුද්ගලයෙක්ට වෙනස් කරන්න බැහැ. මේ තමයි හරි විදිය. නමුත් මිනිස්සුන්ට පෙන්වා දීලා කතිකාවත් ඇති කරලා ඒක කරන්නනේ යන්නේ.
ඔය කියන කිසිම කෙනෙකුට.. කිසිම වරප්‍රසාදයක් දිය යුතු නැහැ.. මොකද රට හෙඩිමේ චේතනාවෙන් ඔය තනතුරු අත්පත් කරගෙන නිසා රටට ආදරේට ආපු අයනේ. අපි එහෙම කරලා ඔවුන්ගේ චේතනාවල් වලට අගෞරව කරන්නේ.
දූෂිත පවුල් පාලනේ රාජපක්ෂලාට කිසිම වරප්‍රසාදයක් නොදෙන තරමට හොඳයි. ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා වරදකරුවන් වෙච්චි.. ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු අය. ජනතාව කබලෙන් ලිපට පත්කරපු අයට කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුයි. සමහරු පරම්පරා ගාණකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තු පට්ට හොරු..!
ජනාධිපතිතුමනි, මේ නාකි, ඇට්ටර ඔක්කෝටම දූෂණ, වංචා, හොරකම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ.. වැනි සමාජ අපචාරවලට චෝදනා තියෙනවා, නඩු තියෙනවා. (අවශ්‍ය නම් ඒවාත් කියන්නම්..) ඒවා ඔක්කෝම කාලයේ වැලිතලාවෙන් හෝ ඔවුන්ගේ අන්තේවාසික ගොට්ටන්ගේ ආධාරයෙන් සඟවලා තියෙන්නේ. ඒවා ඔක්කෝම එළියට ගන්න, නීතිය ඉදිරියට ගොස් චෝදනා ඉදිරිපත් කරන්න, කට්ටියම හිරේ යනවා ෂුවර්. මොවුන් ඉන්න වයස අනුව හිරේදීම කූරියා ගහනවා. ඉතින් ප්‍රශ්නය ඉවරයි. තවත් මොකටද මොවුන්ට වරප්‍රසාද? හිරේ ඉන්න කෙනෙකුට බාහිර පරිසරයේ වරප්‍රසාද අවශ්‍ය නැහැ.
ඔව්, තාම අපි දැක්කේ නෑ අර කියපුවා. තාම ලොකුම හොරු ටික නිදැල්ලේ. මේ පොඩි පොඩි එව්වා අල්ලලා වැඩක් නෑ. එවුන් ඔය ඉත්තෝ විතරයි. එකෙක් පැනලා යන කම් මොකද කළේ...? වාෂ්ප වෙන්න දුන්නාද? ඒවා නෙමේ ජනතාවට ඕනෑ. ඔවුන්ට අත තියන්න කොන්දට බලපෑම් එනවද කියලාත් නිකමට හිතෙනවා...
කට්ටිය... මොකද ඔච්චර කලබල...? පොඩ්ඩක් ඉවසලා ඉන්න. හැමදෙයක්ම NPP ආණ්ඩුවේ. කරයි ඔය ගම්මන්පිල න්‍යාය අනුව. යන්න එපා...
අපි නම් කැමැති හිටපු ජනාධිපතිවරුන්ගේ සියලුම වරප්‍රසාද කපලා දානවට. නමුත් ඒක එහෙම කරන්න බෑ ව්‍යවස්ථාවට අනුව. තුනෙන් දෙකක් තියා ජනමතයකින්වත් ඒක වෙනස් කරන්න බැහැ. එහෙමයි ලංකාවේ ව්‍යවස්ථාව JR හදලා තියෙන්නේ… සමහරුන්ට විශ්‍රාම වැටුප් දෙක ගානේ හම්බෙනවා, දන්නවාද?
දීකිරට බලල්ලුත් සාක්කි කිව්වාලු අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ ඔය මිනිස්සුන්ගේ ඔය කියන සියලු වරදාන අයින් කරනවා කිව්ව නිසා ම්හු ම්හු කිය කිය අනුර කිව්ව නිසා තව මොනවා අහන්නද? 14 වෙනිදාටත් අපි රජ වෙනවා හොඳද? මතක තියා ගනිල්ලා පුතෝ...
වරප්‍රසාද ඕනෑද කියලා අහලා, ඕනෑ කිව්වොත් දෙනවාද? පිස්සු හොඳ එක...
මේක සම්බන්ධව නිත්‍යානුකුලව ක්‍රියා කළ යුතුයි.. කැලේ නීතියක් බැහැ. හිටපු ජනාධිපතිලාට දෙන වරප්‍රසාද පඩි නඩි යනාදිය සම්බන්ධව ජේ ආර් ගේ කාලයේ නීති සම්මත කරගෙන තියෙන්නේ ලෙහෙසියෙන් වෙනස් කරන්න බැරි විදිහට. ඒ නිසා සියල්ල අධ්‍යයනය කර, සම්පූර්ණ ව්‍යවස්ථාවම වෙනස් කිරීමේ ජන මතයක් කරා ගෙන යාමෙනුයි මේවා කරන්න හැකි වන්නේ. ඒ සඳහා ජනමතය තවත් ප්‍රබලව මාලිමාවට දෙන්න. අනුර ඉතිරිය අවංකව කරාවි...
කළගුණ සැලකීම උතුම් ක්‍රියාවක් බව බුදුහාමුදුරුවෝ මුලින්ම පෙන්වා දීලා තියෙනවා. බෞද්ධයින් හැටියට ඒක අපි ඉහළින් පිළිගන්නවා. එහෙම නම් ජනතා කැමැත්ත ඇතුව, රටේ පවතින නීතියට අනුව යාන්තමින් හෝ රටට සේවයක් කිරීම වෙනුවෙන් ඔවුන්ට සැලකීම අපේ යුතුකමක් නිසා ඔවුන්ට වරප්‍රසාදයක් ලබාදීම කරන්න ඕනෑ..
හිටපු ජනාදිපති වරුන්ට දැනට දෙන තරම් දීමනා අවශ්‍ය නැත. ඔවුන්ද EPF/ETF වලට වැටුපෙන් මුදල් කපාගත යුතුයි. අන් අයට අත නොපා ජීවත් වීමට දීමනාවක් දෙන්න රථවාහන දියයුතු නැත. ඒ වෙනුවට, ගමන්ගාස්තු ගෙවන්න. ජනාධිපතිගෙන් පසුව, ජීවත්වන දීමනාව භාර්යාවට දෙන්න...!
ඒ ගොල්ලන්ගේ වත්කම්, ආදායම්, පවුල් පසුබිම, ආදිය ගැන සොයාබලා විශ්‍රාමික වැටුප පමණක් ලබාදී අනෙක් වරප්ප්‍රසාද ඉවත්කිරීම සුදුසුයි.
කමිටු මොකටද? පොරොන්දු වුණේ වහාම ඔක්කෝම අහෝසි කරනවා කියලානේ. ආපහු 3%ට බස්සවා ගන්න වගෙයි හදන්නේ...!
කියපු දේ වේගෙන්ම නොකලා කියන අය ඉන්නවා නේද? ඒ ගොල්ලෝ අනුර සහෝදරයාට ඡන්දේ දුන්නු අය නෙවෙයි කියලා මතක තියාගන්න. හදිසියේ දේවල් කරන්න ගිහින් කෙලවෙන කං බලාගෙන ඉන්න අපතයින්...
ලබාගත් සියලු ණය ගෙවා අවසන් වූ දිනයක ඔවුන්ගේ ධුර කාලය තුළ ලබාගත් ණය පිළිබඳව ඇගැයීමක් කරන වාර්තාවක් මත හිටපු ජනාධිපති වරු හා වරියන්ගේ විශ්‍රාම වැටුප තීරණය කළ යුතු යැයි මගේ අදහසයි...
මේ 6 දෙනාව ලෝකෙ ඉන්න දානපතින් 6 දෙනෙකුට සම්බන්ධ කරන්න... ලෝකෙ ඕනෙ තරම් ධනපති ආයතන තියෙනවා.. එයාලා බලාගනී යන වියදම්.
රට බංකොලොත් කරපු අයට තව වරප්‍රසාද මොකටද? හරි නම් අල්ලලා හිරේ දාන්න ඕනෑ බලු රැල. මොවුන් නිකන් රට සුරපුරයක් කරා වගේ. සතයක් දෙන්න ඕනේ නෑ ඕකුන්ට...
අතිශයක් බහුතර අදහස් ප්‍රකාශ කළ බහුතරයට ප්‍රණාමය වේවා. මම හිතන්නේ කිවයුතු දේ අවශ්‍ය ප්‍රමාණයෙන් සටහන්වෙලා තිබෙනවා. ඒ අතර කිහිපදෙනෙක් වෙනස් අදහස් පලකරලා තිබෙනවා. කරුණාකර මේ අදහස් ටික NPP අවධානයට ලක්කිරීම වැදගත්වෙනවා. හරිම කෙටි ප්‍රතිචාරය අනුර කුමාර මහතා වේදිකාවේදී ජනතාවට අසීමිතව සමීපවෙලා ජනතා ආකර්ශනයට ලක්වෙමින් හරිම සරල ලෙස කීවේ බලයට පත්වූ වහාම දේශපාලඥයින්ට තිබෙන වරප්‍රසාද අහිමි කරනවා කියලා කරුණාකර ඒවා ක්‍රියාත්මක කරන්න. මිනිස්සු මෝඩයි රැවටෙනවා හෝ ර්වටන්න පුළුවන් කියලා හිතන්න එපා. 69 ලක්ෂයක් චන්දගෙන ජනාධිපති වී 3/2 පාර්ලිමේන්තු බලයක්ද ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම කෙටි කලකින් බලුවෙලා පස්ස දොරෙන් පැනලා යන්න වුණා. එසේම වයසක දේශපාලඥයන්ව විවේචනය කළ ඔබගේ නාමයෝජනා ලැයිස්තුවල කෝ තරුණ නියෝජනය, කෝ කාන්තා නියෝජන...? බුද්ධිමත් ජනතාව බොහෝම ඉවසීමෙන් බලාසිටිනවා. අර උගණ්ඩා මුදල් තැන්පතු වාගේ රංගන කරන්න හදන්න එපා. හිතනවා නම් ජනතාව මෝඩයි කියා ඒ ජනතාවම වහා තම වැරැද්ද නිවැරදි කරාවි...