IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වරෙන්තුකරු අල්ලන්න ගිය පී.සීට පිහිපහර

(ඉන්දිකා  රාමනායක)

විවෘත වරෙන්තුකරුවකු  අත්අඩංගුවට ගැනීම සඳහා දැදිගම ගුරුදෙනිය ප්‍රදේශයට ගිය පොලිස්   කණ්ඩායමකට  සැකකරු එල්ල කළ පිහි  ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ගුරුදෙණිය  ප්‍රදේශයේ වෙල්යායක සිටින බවට  ඊයේ (30) සවස පොලිසියට  ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු. සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ , ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබදා, ඔහගේ ඉනේ  සඟවාගෙන සිටි  පිහියකින්  පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර ඇත.

පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු (55) බුද්ධි වියේ පසුවන බෙලිගල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



අදහස් (0)

වරෙන්තුකරු අල්ලන්න ගිය පී.සීට පිහිපහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site