දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (16) පැවැත්විණි.
මෙම අවස්ථාවට දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ උතරු හා නැගෙනහිර පළාත්වල පාළාත් පාලන ආයතනවල නියෝජිතයින් ඇතුළු පක්‍ෂ ක්‍රියාකාරීන් පිරිසක් එක්වූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීමසඳහා තම පක්‍ෂයේ සියලුදෙනා එක්වී කටයුතු කරන බව වරධරාජා පෙරුමාල් මහතා එහිදී පැවසීය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද ඒකාලේ ඉන්දියානු හමුදාවේ උදව්වෙන් උතුරු, නැඟෙනහිර වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවා ගත්තේ...? විමල් වීරවංශ මහත්තයා බැසිල් රාජපක්ෂ හින්දු පුවත්පතට කියපු වචන දෙකක් අල්ලාගෙන ලොකු විරෝධතාවයක් ප්‍රකාශ කරනවා දැක්කා. උන්නැහේ දැන් මෙයා එකතු වෙනඑක ගැන මොනවද දන්නේ නැහැ කියන්න හිතාගෙන ඉන්නවා ඇත්තේ? කබරගොයාලා, තලගොයි වගේ පෙනෙන අබුද්දස්ස කාලයක්නේ මේ ගෙවෙමින් පවතින්නේ... ඒකයි ඇහුවේ...
දෙමල ජනතාව නැතිවුණ රත්තරන් බඩු නැවත ලබා දුන්නද? කාගේද බිරිඳක් ළඟ නේද? තිබුණා කිව්වේ... ඒ ගැනත් කතා කෙරුවද?
ඉන්දියන් හමුදාව එක්ක එකතුවෙලා උතුරේ වෙනමම රජයක් ප්‍රකාශ කරපු, මොහු සමග තම නායකයා සාකච්ඡා කරන එක විමලේ හෝ ගම්මන්පිල තව දන්නේ නැතුව ඇති, නැතිනම් මෙලහකට මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා...
රතන හිමි නිදි ද?
මේ වගේ රට බෙදන්න මහන්සි උන, බංකොලොත් වෙච්ච, යන එන මං නැති කට්ටිය එක්කද ගෝඨාභය එකතු වෙන්න යන්නේ? කනගාටුයි.
මොක එකතුඋනත් කමක් නැහැ ජනතාවට සහ රටට යහපතක් වෙනවනම් 1983 එවකට පාලකයා ඇමරිකාවේ උවමනාවට දෙමළුන්ට ගහල දෙමල මුනිස්සුන්න්ව මුල කරලා ආයුද වෙලදමි වහල් වෙලදමි ජයට කරගෙන ගිය දකුණේ ගැහැණු ටික මැදපෙරදිග පිටමන් කර වහල් සේවයට මහවැලිය උගුලකට අසු කරලා පරිසරය විනාස කර අපේ රටේ උගතුන්ට රට එපා කරවල උන්ගේ රටවලට ගෙන්න ගත්හ මේ හැම දෙයක්ම ඇමරිකන් කාරයෝ සැලසුම් කරලා කරපුව
බලේට කෑදරකමට සිංහල නායකයින් බෙදිලා රට පාවා දෙනවා.
කෝ ගෝටා ..... වටේ ඉන්න උන් හන්ද තමා ගෝටාත් නහින්නෙ කවදහරි.
රට පාවල දෙන යු.ඇම්.පී. එකට නෙවෙයි එකතුවෙලා තියෙන්නේ. කලබල වෙන්න එපා. සාමන්‍ය දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකත්වයක් ඔවුන්ට ඕනේ. එහෙම නැත්තන් කොටින්ට ඕනේ වුන දේ අපේ රෑකඩ පාලකයෙක් හරහා කරගන්න උත්සහ කරන කෙනෙක් නෙවෙයි ව්ර්දරාජ කියන්නේ. එය කොහොම වුනත් ගොටාබය කියන්නේ රනිල් වගේ අදූරදර්සි නායකයෙක් නෙවෙයි.
මේ මනුස්සය තව දුරටත් ඊළාම් ඉල්ලන කෙනෙක් නෙවෙඉ. මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව පිළිගන්න කෙනෙක්. එහෙම කෙනෙක් ජාතිකවාදී කදවුරට එකතු කර ගැනීමේ ඇති වැරැද්ද මොකක්ද? එජාපෙට කත් අදින අයට මේ වගේ දේ විකුර්ති කරලා අර්ථකතන දෙන්න පුළුවන් ඒත් සහරාන්ට සහයෝගය දුන්නු බදුදීන් විජාතික එජාපෙ පිලේ සිටීම හෝ දෙමල ජාතික සන්ධානයේ අන්තවාදීන් සිටීම ගැන මීක් නැත. අනේ මෙහෙමත් මිනිස්සු.
කෝ අපේ බමුණු ?