(නිමල කොඩිතුවක්කු)
රජයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සඳහා නොමිලේ බස්රථ ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (3) පැවසීය.
ඒ අනුව සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කිසිදු ගාස්තුවක් අය නොකර බස් රථ ලබාදීමට පෞද්ගලික බස් හිමියන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද විජේරත්න මහතා සඳහන් කළේය.
මෙයට අමතරව රජයට විරෝධය පල කරමින් ඉදිරි දිනක පාර්ලිමේන්තු සංකීර්නය අවට මාර්ග බස්රථ යොදවා අවහිර කිරීමට සංගමය තීන්දුවක් ගෙන ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ලබන 6 වැනිදා පවත්වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේද යන්න මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා විශිෂ්ඨයි. හැමෝම එකතු වෙමු. මේක අපේ රටට තියෙන අවසාන අවස්ථාව. රාජපක්ෂලා විතරක් නෙවෙයි, සුද්ද කරන්න ඕනෑ හැම ආයතනයක්ම සුද්ද කළ යුතුයි.
ආපහු යන්නත් බස් දෙනවා නේද?