වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ ගැන දැඩි ලෙස කනගාටුවන බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පාකිස්තානයට දන්වා ඇත.
මෙම 'අත්වැරදීම' සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 9 වැනිදාය. ඒ, මිසයිල පද්ධති අලුත්වැඩියා කරද්දී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා බව ද ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විදිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තානයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. දේපොල හානියක් ද සිදුවී නැත.
පාකිස්තාන හමුදාව පවසන පරිදි මිසයිලය පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී කිලෝ මීටර් 100 ක දුරක් ගමන් කර තිබේ. ඒ, අඩි 40,000 ක් ඉහළින් ශබ්දයට වඩා තුන් ගුණයක වේගයකිනි. මිසයිලයට කිසිදු යුද ශීර්ෂයක් (පුපුරන ද්‍රව්‍ය) සම්බන්ධ කර නොතිබුණු බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන අත්වැරැද්ද යුද්ධයකට පරිවර්තනය වෙන්න ඉඩතිබුණා නේද? නරකද මුළු ලෝකයම අපිට විතරක් කියාදෙන්න හදන සහජීවන කට්ටිය අනිකුත් රටවලටත් සහජීවනය කියා දුන්නොත්?
වැරදීමකින් අපේ පාර්ලිමේන්තුවට මිසයිලයක් යවන්න බැරිද?
අපේ හමුදාවටත් ඔහොම ‘‘වැරදිලා‘‘ මල්ටි බැරල් එකක් හරි, RPG එකක් හරි, පාර්ලිමේන්තුවට යවාගන්න බැරිද?
ඉන්දික මිසයිල නොව ජනතාව මගරැකලා ඉඳලා, යන එන හොරුන්ට ගල්ප්‍රහාර එල්ලකරන දිනය අතළඟයි...
පුටින්ට වැරදුනොත් මාර වැඩක් වෙයි නේද?
ඇයි මැදමුලනට ගියොත් නරකද?