(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නියමිත උෂ්ණත්වය නොමැතිව කුකුළු මස් ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිශ්පාදන හා බෙදා හැරිමේ සමාගමක බෙදාහැරිමේ නියෝජීතවරයකුට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කළ ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම් පටබැදිගේ මහත්විම අදාල මස් තොගය විනාශ කිරීමට එය අත් අඩංගුවට ගත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින්ට නියෝග කළාය .
මෙසේ රුපියල් තුන් දහසක දඩ මුදල් නියම වුයේ කරුණාරත්නලගේ ධනුෂ්ක මදාරා තිළිණ නැමති අයකුටය.
වෙන්නප්පුව මෙම සමාගමකට අයත් රුපියල් ලක්ෂ හයකට ආසන්න කුකුළු මස් තොගයක් ආණමඩුව නගරයෙ වෙළද සැලකට අලේවි කිරීමට කටයුතු කරන අවස්ථාවේදි ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙ මහජන පරික්ෂක නිළධාරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd