(අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මේ අතර ඉකුත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සදහා ලබා දුන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි1800 ක පමණ මුදලක් වැඩිපුර ගෙවන්නට සිදුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ඇමතිවරයා ,එහෙත් එම මුදල ලැබෙන්නේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා බව සඳහන් කර ඇත.
රට පත්ව ඇති බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවද ඔහු සඳහන් කර ඇත.
නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදායම් බදු ඉවත් කර අහිමි වූ අදායම දුප්පතා පරිහරණය කරන භාණ්ඩ වල මිල ඉහල දමා එකතු කර ගැනීම වරදක් බව කප්‍රාල් දැනන් හිටයේ නැහැනේ..ආණ්ඩු විරෝධයේ මුල එය බව පාලකයන් දැන ගත යුතුයි. බන්දුලත් මෙයට වග කිව යුතුය.
දැන් බලාගෙන ගියහම ජනාදිපති ඇතුළු පොහොට්ටු ආණ්ඩුව හරි දෙයක් කරලම නැහැනේ , මෙතෙක් කල් මේ අර්බදය කොරෝන පිටින් දාල බේරෙන්න තමයි හැදුවේ
ඕකට වගකියන්න ඕනේ ගෝඨා, කපුටාස් සහ කබ්‍රාල්ලා තමයි.
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්, අලි ෂබ්රි ඔයා බොරු කතාවක්නේ කියන්නේ.. රුපියල් 10000ක් වැඩිපුර ගුරුවරුන්ට දුන්නු නිසා තමයි රට මේ තත්වයට වැටුනේ කියලා පුදුම කතාවක්නේ... මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න කියලා. එහෙමනං කෝ හොරකම් කරපු සල්ලි වලට ලෙජර් එක. IMF කියලා තියෙන්නේ සල්ලි දෙන්නේ නැහැ. රට බංකොලොත් නම් සහ අනිත් ණය කරුවන් (චීනය) ප්‍රතික්ෂේප කරලා අපිට ණය දෙනවාට.
ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව සිටින ජනතා නියෝජිතයින් ජනතාවගේ අසීරුතා පිළිබඳව කිසිඳු හැඟීමකින් තොරව තව තවත් රැඳී සිටීම ප්‍රතිඵල රහිතය. අඩ මසකටත් වඩා මුළු දේශයම එක හඬින් මේ අයව ප්‍රතික්ෂේප කරද්දී තව තවත් ජනතාව පීඩාවට පත් කිරීම ඉතාම කණගාටුදායකයි. ඉතා ඉක්මණින් විසඳිය යුතු ප්‍රශ්න රාශියක් මැද කෘෂිකර්මාන්තයට අදාල පොහොර, කෘමිනාශක හා ජනතාවට අවශ්‍ය ඖෂධ, ගෑස්, ඉන්ධන මෙන්ම ආහාර ප්‍රධාන වේ. මාස් කන්නයේ පාඩුව යල කන්නය පටන් ගන්නට පෙර රසායනික පොහොර ලබා දිය යුතුයි... මහින්ද මැතිතුමනි, මේ ඔබගේ පෞද්ගලික බූදලයක් නොවේ. විනාශ කළා ඇති.. අතීතයේ යහපත් දේ කළත් වර්තමානය ඔබ සහ අදාල අය කරන ලද දේවල් හදවත දනී. මිථ්‍යා දෘෂ්ටිවලින් ඈත්වී අත්හැරීම ගැන මෙනෙහි කර ඉවත් වන්න.
රාජපක්ෂ පාලනය විසින් රජයේ සේවකයන් ලක්ෂ 15 දක්වා වැඩි කිරීම අලි සබ්රිට ආමන්ත්‍රණය කිරීමට නොහැකි වූ රජයේ අයවැයට ඇති ප්‍රධාන බලපෑමයි.
වැටුපටත් කෙලවෙන පාටයි.
තීරණ අරං රිවස් කරන එකමයි මෙයාලගේ හැකියාව. බදු සහන දීපු එක වැරදි බව කවුරුත් දැනං හිටියා. ඒක කලේ එයාලාගේ අයට උදව් කරන්නයි.
රටේම සල්ලි හොරා කාලා රටේ තත්වේ දැන් මහ ජනතාව තේරුම් ගත යුතුයි කියලා කියනවද? ඔබතුමා රටක ආර්ථිකය ගැන මොනවද දන්නේ...? තැන්පත්කරුවන්ගේ නඩු සඳහා බාරගත්තු මුදල් ආපසු දෙන්න.