(යොහාන් භාසුර)
දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කෙසේ ප්‍රකාශ කළත් ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපැවැත්වෙන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය.
ජනාධිපතිවරණය නියමිත දිනට පැවැත්විය යුතු කළ යුතු අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් මැතිවරණ කල්දැමීමේ කූට උපක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ යැයි මනාව පැහැදිලි බව කී මහාචාර්යවරයා වත්මන් ආණ්ඩුව තුළ ආණ්ඩුව කිහිපයක් පැවතීම නිසා මහජනතාව අන්ත දුගී තත්වයට පත්ව ඇති බව ද සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා කැබිනට් ඇමතිවරු අතර සාමූහිකත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කඹ ඇදීම හේතුවෙන් කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ මහතා කීය.
වර්තමාන ජනාධිපතිවරයා පවසන 2048 හරිත ආර්ථිකය යථාර්ථයක් කිරීමට නම් වර්තමාන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතු බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීයභාවය කඩා වැටීම නිසා රෝගීන් තුළ විශාල බියක් හටගෙන ඇති බවත්ය.
මෙරට දරිද්‍රතාව දෙගුණයකින් වැඩි වැඩිවී ඇති අතරම වත්මන් ආණ්ඩුව නීතියේ ස්වාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කරන බවත් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා විපක්ෂය හැටියට කටයුතු කරන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ජනාධිපති කෙනෙක් රටට නැතිවෙනවනේ...
ජී.එල්ට පේන දුර...
ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කණා මැදිරියටත් බයයිලු. ඡන්ද 31ක් පැරැදිලා ලෝක වාර්තා තියපු කෙනා ඡන්ද තියයිද? අවුරුදු 50ක් තිස්සේ පාර්ලිමේන්තු ගිහින් රට හදන්න බැරි වෙච්චි කෙනා දැන් හදයි කියලා තමයි බය...!
ලියල තියාගන්න.... ලංකාවෙ ආයෙ පෙනෙනමානෙ කිසිම චන්දයක් තියන්නෙ නැහැ ආන්ඩුවට හොදින් හරි නරකින් හරි දිනාගන්න බැරිනම්..
ඉතින් ඕවා අපිට කිව්වා කියලා අපි මොකද කරන්නේ..? ඔයාලාට මොනවත් කරන්න බැරිනම් අපිට ඔය තනතුරු දෙන්න... අපි දන්නවා කරන්න ඕනෙ දේ..
රනිල්ට ....ජනාධිපතිවරණයක් දිනන්න බෑ කියලා සේරටම වඩා හොදට දන්නෙත් .....රනිල් තමයි ..