IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට

ජූලි මාසයේ මෙරට උද්ධමනය සියයට 60.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනින මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබේ.

ඉකුත් ජූනි මාසයේ දී මෙරට මතුපිට උද්ධමනය සියයට 54.6ක් විය.

ගෙවුණු ජූලි මාසයේ දී ආහාර උද්ධමනය සියයට 90.9ක් දක්වාත්, ආහාර නොවන උද්ධමනය සියයට 46.5ක් දක්වාත්, ප්‍රවාහන උද්ධමනය සියයට 143.6ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. 

055



අදහස් (3)

වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට

මාන්නය Vs උද්ධමනය Friday, 29 July 2022 06:13 PM

දෙනකම් බලාගෙන ඉන්න ජාතියක්නේ..! රටවැසි විතරක් නොවේ.. අර 225ත්..! මාන්නය උද්ධමනයටත් වඩා ඉහළින් හිතුවාම... අන්‍ රටවල දහදිය ඒ රටට අපේ ඩොලර් ගෙන්වා ගන්නවා..!

:       0       40

අනිල්Saturday, 30 July 2022 09:30 AM

දෙනකන් බලාගෙන ඉන්න එක හැමවෙලේම වැරදි නැහැ. මනුස්සයෙක්ට අවශ්‍ය මූලික අවශ්‍යතා නිදහසේ පාවිච්චි කරන්න ඉඩ හදලා දෙන එක රජයේ වගකීමක්... මොකද ලංකාවට අවශ්‍ය ගෑස්, ඉන්ධන වගේ දේවල් ආනයනය කරන්න හැකියාව තියෙන්නේ රජයේ ආයතන බහුතරයකට. විදුලි බල මණ්ඩලය, මුදල් අමාත්‍යංශ, කෘෂිකර්ම දෙපාර්තුමේන්තු ඇතුලු එකී මෙකී නොකී ඔක්කොම වගේ රජයේ ආයතන/දෙපාර්තුමේන්තු... එතකොට මිනිස්සුන්ට අඛණ්ඩව විදුලි සැපයුම දෙන්න බැරි වුනාම, ආහර සුරක්ෂිතතාව තහවුරු කරන්න බැරි වුණාම, තෙල් ටික දෙන්න බැරිවුණාම, අවශ්‍ය පොහොර ටික ආනයනය කරන්න බැරි වුණාම, රටේ ඩොලර් සංචිත පවත්වාගෙන යන්න බැරි වුණාම, උද්ධමනය පාලනය කරගන්න බැරි වුණාම වගේ දේවල් වුණාම පවතින රජය වගකීම ගන්න ඕනෑ. මොකද ඒ රජයේ ආයතන බහුතරයක් වැඩ කරන්නේ පවතින රජයේ ප්‍රතිපත්ති වලට අනුවයි. කෙටියෙන් කිව්වොත් කරගන්න බැරි නම් පෞද්ගලික අංශයත් හවුල් කරගන්න ඕනි. නැතුව කෙළවුනාම වැරද්ද මිනිස්සුන්ගේ කියලා බෝලෙ පාස්කරන එක නෙවෙයි. මිනිස්සු මේ කිසිදෙයක් (විදුලිය, ඉන්ධන, පොහොර) පිනට ඉල්ලුවොත් ඔයා කියන දේ හරි...

:       1       2

Sunil Saturday, 30 July 2022 09:36 AM

මේ රජය යටතේ විශිෂ්ඨ සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යෑම පමණයි. අනේ වාසනාවන්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site