
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැඩසටහනේ ප්‍රගතිය කෙසේදැයි දැනගැනීමට පවතින හැකියාව තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් සිය කටයුතුවල විනිවිදභාවය වර්ධනය කිරීම සඳහා වන කැපවීම් සම්පූර්ණ කිරීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වී ඇති බවත් අයි.එම්.එෆ් මීටරයේ සැප්තැම්බර් යාවත්කාලීන කිරීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඉටු කළ යුතු කැපවීම් 100 න් සැප්තැම්බර් මස අවසන් වනවිට කැපවීම් 71 ක් ඉටුකළ යුතුව තිබුණ නමුත් ශ්‍රී ලංකාව ඉන් ඉටුකර ඇත්තේ කැපවීම් 40 ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
මාර්තු මස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ප්‍රගතිය අතින් මෙන්ම විනිවිදභාවය අතින් මෙතෙක් දකින්නට ලැබුණු දුර්වලම මට්ටම අයි.එම්.එෆ් මීටරයේ සැප්තැම්බර් මස යාවත්කාලීන කිරීමේදී ලැබුණු බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.සැප්තැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් වලින් සියයට 30 ක පමණ තත්ත්වය 'නොදනී' මට්ටමේ පවතින බවත් විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ආණ්ඩුව ඉටුකළ යුතුව තිබෙන විශේෂිත කැපවීම් 04 න් 03 ක්ම තවමත් පවතින්නේ ඉටුකර නොමැති මට්ටමේ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව නම් ඕනෑවටත් වඩා කැපකිරීම් කරල තියෙනව. හෙට දවස ගැන හිතාගන්නවත් බැරි තත්වයක් තියාගෙන රටේ ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්න එකම මොනතරම් කැපවීමක් ද. රටේ එක පිරිසකට පළදෙන "පින", ඒ රටේම තවත් පිරිසකගෙ "පව" බවට පත් වෙලා. මිල දත්, අගය නොදත් "නරුම" පාලන ක්‍රමවේදයක, පුරවැසි "කරුමය"..