
(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයට ගිය විදේශිකයෝ විශාල පිරිසක් සිය ගමන් ගමන් පහසුකම් සලසා ගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
අද දින ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම සංචාරකයන් ප්‍රවාහන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
මාසයක සංචාරයක් සදහා ප්‍රංශයෙන් සහ රුසියාවෙන් මෙම සංචාරකයන් පිරිසක පැමිණ ඇති අතර , එම සංචාරකයන් සමග ශ්‍රි ලංකාවේ මග පෙන්වන්න කිහිපදෙනෙකුද පැමිණ සිටියහ.
බස් රථවලින් නුවරඑලියට පැමිණ එම සංචාරකයන් අද (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් හා ඔහුන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි වර්ජකයින්ට අවශ්‍ය සංචාරක ව්‍යාපාර වැනි දේ නැතිි කරලා රට නැවත බංකොලොත් කරන්න. මේවා පිටුපස බටහිර බලවේග ක්‍රියාත්මක වෙනවා ඇති.
දුෂ්ඨ පාලකයන් සිටින නීතියක්, යුක්තියක් නොමැති අරාජික රටක සංචාරය කරන්න ආවිට මෙවැනි අකර තැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ලෝකයේ සාමය පවතින නීතිය ක්‍රියාත්මක වෙන සාමකාමී රටවල්වල මිස මෙවැනි රටවල සංචාරයේ නොයෙදිය යුතුබව ඒ සංචාරකයින් තේරුම් ගනීවි.
සංචාරකයෝ අතරමං වෙලා ඒ අයට මේ රට එපා වෙනවා කියන්නේ වර්ජනය සාර්ථකයි. මොකද වැඩ වර්ජන, ත්රස්තවාදීන්ගේ අරමුණ රටට කෙළවීම නිසා...
යමෙක් රටකට යන්න පෙර එම රට පිළිබඳව සොයාබැලිය යුතුයි. එහෙම නැතිව හරක් වගේ නොඅඳුනන රටකට ගියාම ඔයවගේ අකරතැබ්බ වෙනවා. එව්වා විඳිය යුතුයි.
මේ කාලකණ්ණි ආණ්ඩුව නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ.. රනිල් රාජපක්ෂලාට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..
වර්ජන අත නැත. ලංකාවේ කෝච්චි කවද්ද වෙලාවට දිව්වේ?
මේ ටැක්ස් එක පොඩ්ඩක් අඩු කරානම් මෙහෙම වෙන්නේ නැහැ. කොච්චර ලෝන් ගෙවන මිනිස්සු ඉන්නවද? පඩියෙන් කීයක් හරි අඩු වුණාම ඒ ලෝන් ගෙවන මිනිස්සුන්ට ඒක ගොඩක් වඳිනවා. අනික ටැක්ස් ගෙවන්නේ නැති උන් ගොඩක් ඉන්නව මේ රටේ.
දුප්පත් සංචාරකයින්
එතකොට සංචාරකයෝ අපේ බද්ද ගෙවනවයි?