වීරකැටිය නගරය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 15 දෙනකු හමුවීමත් සමග වීරකැටිය නගර අවට පාසල් හතරක් වසා දැමීමට තීරණය කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ කෝවිඩ් වැළැක්වීමේ ප්‍රාදේශීය කමිටුවේ සාමාජික වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපති පියසේන ලියනආරච්චි මහතා පවසයි.
වීරකැටිය රාජපක්ෂ ජාතික පාසල,ප්‍රාථමික පාසල, මණ්ඩාඩුව මහා විද්‍යාලය, කොන්ඩගල සිංගප්පූරු ශ්‍රී ලංකා මිත්‍රත්ව බාලිකා විදුහල මෙසේ හෙට දිනය දක්වා වසා දමා තිබේ.
මීට අමතරව වීරකැටිය නගරය ආශ්‍රිතව ඇති පෙර පාසල්, උපකාරක පන්ති හා සති පොළ හා තොග වෙළෙඳපොළ ද තාවකාලිකව වසා දැමූ බව කොරෝනා මර්ධන කමිටුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd