(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක)
වෙරි මර ගාතේ පොලිස් යතුරුපැදිය පදවා ගෙන යෑමට නොහැකිව සිටි බව කියන එරාවුර් පොලිසියේ සිටි උප පොලිස් පරික්ෂකවරයකු එම පොලිසිය විසින් පෙරේදා (4) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
තමාට පොලිස් යතුරුපැදිය පදවාගෙන යෑමට නොහැකිව සිටි බැවින් එය මිතුරෙකුට පදවාගෙන යෑමට එහි පිටුපස අසුනේ ගමන් කළැයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
පොලිසියට ලැබුණූ ඔත්තුවක් මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු කලහකාරී ලෙස හැසීරි ඇතැයි ද උසස් පොලිස් නිලධෘරියෙක් කීය.
උප පොලිස් පරීක්ෂකවරයාගේ මිතුරාගෙන් ද මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගත් බව පොලිසියේ සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ නිලධාරින් හා සේවකයින් සඳහා විනයානුකූලව කටයුතු කරන්න ආයතන සංග්‍රහය තියෙනවා... ඉතින් එතරම් පැහැදිලි නීතියක් තියෙද්දී මොකටද අත්අඩංගුවට ගන්නේ කියලා පැහැදිලි නැහැ. පොලිසියේ නිසා සේවය තාවකාලිකව අත්හිටුවලා නිදහසට කරුණු විමසීමක් කරන්න පුළුවන්. නැත්නම් විධිමත් විනය පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඉන් පස්සේ විනයානුකූලව දඬුවම් දෙන්න පුළුවන් ආයතන සංග්‍රහය අනුව සේවයෙන් පහකිරීමට වුණත් පුළුවන්...!