(ඉන්දිකා රාමනායක)
ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම නිලධාරියා බීමතින් රාජකාරී කරන බවට තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බීමතින් සිටි බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
බීමතින් රාජකාරී කිරීමේ වරදට මෙම සැරයන්වරයා වැඩ තහනම් කර ඇත.
එලෙස වැඩ තහනම් කර ඇත්තේ ගම්පහ මුලස්ථාන මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සැරයන්වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උස් තැන් දැක හැකිලෙන්නේ..මිටි තැන් දැක පුප්පන්නේ... රාත්‍රී රාජකාරි වල යෙදෙන බොහොමයක් පොලිස් සේවයේ අය ඉන්නෙ වෙරිමරගාතේ තමයි.ලොකු ලොක්කො ඉන්නෙ දේශපාලුවන්ගේ පාටි වල.පොලිස් පොඩ්ඩො ගමේ ගොඩේ ජාවාරම්කාරයන්ගේ පාටි වලයි කසිප්පු මුදළාලිගෙ වාඩිවලයි තමයි.එක දවසකට තුන්හාරදාහක් උනත් රස්සාවෙන් අයින් කරල දාන්න පුළුවන් හරියටම නීතිය ක්‍රියාත්මක වෙනව නම්.