IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්‍යයි‘‘

(කාවින්දි කරුණාතිලක සහ චාමි අනුත්තරා)

රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සහ දැරුවද සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 දක්වා කාලයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ 2028න් පසු රට බංකොලොත් වීමේ අවදානමක් පවතිනවා.ඒ දක්වා කාලය තුළ රටේ ආර්ථිකය වර්ධනය කිරීමට වැඩපිළිවෙළක් අපේ පක්ෂයට තිබෙනවා.

රාජපක්ෂවරුන්ගේ සහය ලැබෙන කිසිදු අපේක්ෂකයකුට අපේ සහය ලබා දෙන්නේ නෑ. අපේ වැඩපිළිවෙළට එකග පිරිස සමග දේශපාලන ගමන යන්න සූදානම් .

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයේ ස්වාධීනත්වයට හානි නොවන ලෙස කටයුතු කළ යුතුයි.

'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රායෝගික වැඩපිළිවෙලේ සාරංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ ගම්පහ වැඩසටහනට එක්වෙමින්  ඒ මහතා එසේ පැවසීය.

 



අදහස් (2)

‘‘ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්‍යයි‘‘

ගමේ එකාලා Thursday, 25 July 2024 03:37 PM

නා නා ප්‍රකාර සටන් පාඨ වලින් ජනතාව රවට්ටපු අය හිටියා.යහ පාලනේ දර්මිෂ්ඨ සමාජයක් ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍ය දැක්ම තාරුණ්‍යයට හෙටක් ඕවා නිකම්ම නිකම් රැවටිලි විතරයි.

:       0       2

මැක්ස් Thursday, 25 July 2024 04:57 PM

"පැනමා පේපර්ස්" ඉණට අත් දෙක තියාන මේ උස හීන්දෑරි ලෝකෝත්තරයා කියන උත්ප්‍රාසජනක කතා අසා දෙකොනින් හිනා වෙනවාලු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site