(යොහාන් භාසුර)
ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට අභියෝග කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු නීතිමය බලයක් නොමැති බවත් ස්වාධීන කොමිෂන් සභා වර්තමාන වන විට නමමාත්‍රික කොමිෂන් සභා බවට පත්ව ඇති බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (4) පැවසීය.
ඉහළ තනතුරුවලට නිලධාරීන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාවට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන නමුත් දැන් එය විධායකයේ බලයට යටවී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වර්තමාන විධායකය ස්වාධීන ආයතන ආක්‍රමණය කරන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව අතර මත ගැටුම් පවතින බව කී මහාචාර්යවරයා පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට කර උත්සහ නීති විරෝධී මෙන්ම වර්තමාන කැබිනට් මණ්ඩලය නාමමාත්‍රික වෙමින් පවතින බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19ට අත උස්සලා ජනාධිපතිගේ බලය අත්තනෝමතික ලෙස වැඩි කෙරුවා... ඔයාලත් ඔය හැම දේකටම වගකියන්න ඕනෑ.
ඔහේ මහාචාර්යවරයෙක් වෙන්න ඇති... නමුත් ඔහෙත් තවත් කිසිම ප්‍රතිපත්තියක් නැති ජනතා අප්‍රසාදයට ලක්වුණු දේශපාලුවෙක් විතරයි. රාජපක්ෂලා ගෙනාපු හැම පනතකටම අත ඉස්සුවා. කිසිම් ඇවිලී ලැජ්ජාවක් නැතිව දැන් අර වාචාල වංශ පස්සේ යනවා... ඊළඟ පාරත් පාර්ලිමේන්තු එන්න පුළුවන්ද බලන්න. ඔහේට ආයේ පාර්ලිමේන්තු එන්න ලැබෙන්නේ නැහැ... මොකද ආයේ ඔහෙට ඡන්ද දෙන්න මෝඩයෝ නැති නිසා...!
එහෙට මෙහෙට පැනපැන ඇමැතිකම් අරගෙන බලයේ ඉන්න හදපු හැටි ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
19 ට අත උස්සගෙන ඉදල ජනාධිපති බලතල වැඩිකරල තමන්ගෙ හිතවතුන්ට බලය නැතුව ගියාම එකක් කියනවා තමන්ගෙ ගෝලයො හරියට හැදුවෙ නැතුව දැන් ගෝලය ගුරු හදපු බලතල පාවිච්චි කරන කොට තවත් එකක් කියනවා.ජනාධිපතිට බලතල වැඩිකලේ නැත්නම් ඒ වෙලාවෙ ඒ යෝජනාව පරාජය කලේ නම් දැන් ඔහොම කියන්න වෙන්නෙ නැහැ ඇදුරුතුමා
මහාගුරු ඔයැයි හරියට ගුත්තිල වගෙයි... එහිදී ගුරු, ගෝල තරගයේදී (තරගෙට පෙර කැලේට ගොස් කුමන්ත්‍රණයක් කළා) ගෝලයා හොඳින්ම වාදනය කරද්දී පරාජය පේනකොට ගුත්තිලට ඉවසුමක් නැතුව වීනාවේ තත් කඩාදැම්මා... තත් කැඩූ වීනාවෙන් හඬක් එන්න බැහැ. රජ්ජුරුවන්ගේ බලය යොදා එදා ගුත්තිල ජය ගත්තා. දැන් ඒ රජ්ජුරුවෝ නැහැ. ඔයැයිලා පරණ රජ්ජුරුවන්ට හදපු නීති තමයි දැන් තියෙන්නේ. දැන් ඉතින් මූසිල ඔයැයිලා වට්ටවා තිබුණු රට ගොඩට අදිද්දී කකුලෙන් අදින්න එපා..