IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ව්‍යවස්ථා සභා ලේකම්ගේ දීමනාවට කැබිනට්ටුවෙන් බරබරයක්

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරුණු පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාට රුපියල් ලක්ෂ පහක පමණ දීමනාවක් ගෙවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

එම යෝජනාව සැලකිල්ලට ගත් අවස්ථාවේදී එපමණ ලොකු මුදලක් මේ අවස්ථාවේදී ගෙවීම කළ නොහැකි බව කැබිනට් මණ්ඩල සාමාජිකයන් දැනුම්දී ඇතැයිද දැනගන්නට ඇත.

මේ හේතුවෙන් එම දීමනා මුදල සංශෝධනය කර යෝජනාවක් අලුතින් ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම්දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට සාමාන්‍යයෙන් මෙතෙක් පත් කෙරුණේ දැනට සේවයේ යෙදී සිටින පාර්ලිමේන්තු මහ ලේකම්වරයාය.

නමුත් මේ අවස්ථාවේදී කිසියම් විශේෂයක් කර හිටපු මහ ලේකම්වරයාට එම තනතුර දීමට රජය කටයුතු කළේය.

සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ වර්තමාන මහලේකම්වරියට එම තනතුරේ කටයුතු කිරීමට අවස්ථාව දුන්නේ නම් අමතර දීමනා සහ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පැවසුහ.

 



අදහස් (2)

ව්‍යවස්ථා සභා ලේකම්ගේ දීමනාවට කැබිනට්ටුවෙන් බරබරයක්

ඩම් පෙට්ටිහේවා Monday, 30 October 2023 07:45 AM

මේ ගාන මොකක්ද? ICTA එකේ වැඩබැරි තඩිපඩි එක්ක සංසන්දනය කළාම...!

:       1       2

දිමුත් Monday, 30 October 2023 04:03 PM

පව්... එතුමා අමාරුවෙන් ජීවත් වෙනවා ඇත්තේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site