(ප්‍රසාද් රුක්මල් )

අරාවත්ත ඔරුබැදිවැව ප්‍රදේශයේ නිවසකදී සැමියකු සිය බිරිද ට වායුරයිපලයකින් වෙඩිතැබ්මෙන් තුවාලලැබූ බිරිද ඊයේ(10) රාත්‍රි මහියංගන රෝහලට ඇතුලත් කල බව මහියංගන පොලිසිය පවසයි .

මහියංගන අරාවත්ත ඔරුබැදිවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක මෙසේ තුවාලලබා ඇතයි පොලිසිය කීය .

මෙම සිද්ධියෙන් අනතුරුව සැකකාර සැමියා නිවසින් පැන පලාගොස් ඇති බවත් වෙඩිතැබීමට යොදාගත් වායුරයිපලය සහ උණ්ඩ 77ක් අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසිය .

මෙම අඹුසැමි යුවළ අතර රාත්‍රි පවුල් ආරවුලක් හටගෙන ඇති බවත් පසුව සැමියා බීමතින් බිරිදට සහ දියණියට වායුරයිපලයෙන් වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවත් පොලිසිය සදහන් කලේය .