(පුෂ්පකුමාර ජයරත්න )
වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය 2024.01.01 දින ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම් මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.
වයඹ පළාත් පාසල් වල සියළුම විදුහල්පතිවරුන් වෙත මේවනවිට නිකුත් කර ඇති බවද එම චක්‍රලේඛය කඩ කරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදු වන බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.
මෙම චක්‍රලේඛය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පැවරෙන බවද එහි සඳහන්ය.
ඇතැම් ගුරුවරුන් තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්ති වල සිටින සිසුන්ව නොසළකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නයනා කාරියවසම් මහත්මිය තම නිවේදනය මඟින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් ඔබ කොහේද ?
ඔබට අපගේ ශීර්ෂ ප්‍රණාමය. වයඹපලාතට පමණක් මදි. මෙය මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මධ්‍යම රජය මගින් ගතයුතු ක්‍රියාමාර්ගයකි.;
පැරකුම් ගේ අදහස හා එකඟ වෙමි .ඇයි මේ තීරණය මධ්‍යම රජයෙන් ගන්න බැරි ?
හොදයි මැඩම්.
නියමයි ,ජෝශප් ස්ටාලින් ව ඇරෙස්ට් කරන්න. ඔහු තමයි මේවාට උදව් කරන්නේ
ස්ටාලින් .. කරමුද Strike එකක් ?
ආයතන සංග්‍රහය අනුව තමන්ගෙ රාජකාරි වලට අමතරව යම් ඉපැයීමක් කරන්න තමන්ගෙ සේවය අදාල වෙන අමාත්‍යාංශයේ ලේකම් වෙතින් ලිඛිත අවසරයක් ගන්න ඕන .එහෙම ගත්තාට මදි අමාත්‍යාංශ ලේකම් නියම කරන මුදල් ප්‍රතිශතයක් රජයට ගෙවන්න ඕන. මොකද ඔවුන්ට ඉපැයීම් ලැබෙන්නේ ඔවුන් රජයේ සේවයේ නිසා තමයි. එම නිසා මුලින්ම ඔවුන්ට කියන්න තම තමන් ලැබූ පත්වීම් ලිපියේ කොන්දේසි හොදින්ම කියවන්න කියලා ඊළඟට ටියුෂන් කරන්න අවශ්‍ය නම් අමාත්‍යාංශයේ ලේකම් වෙතින් අවසර පත්‍ර ගන්න කියලා .මට හිතන්නේ දැනට රාජ්‍ය සේවයේ සිටින ඉහළම නිළධාරින් වුනත් ආයතන සංග්‍රහයේ ඔය නීති දන්නෙ නැහැ කියලා තමයි ඒවා ගැන දන්න එක් කෙනෙක් හරි ලංකා රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඒවා ක්‍රියාත්මක කරාවි කියලා හිතෙනවා
රටේම ක්‍රියාත්මක කළයුතු ඉතාම වටිනා තීරණයක්... මේවා කොහොමද ඉතින් රනිල් වගේ කෙනෙක් එක්ක කරන්නේ...?
රටේ සියලුම පළාත්වලට මෙම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මීට අදාල චක්‍රලේඛය ලබාදෙන්න පුළුවන් ද