IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ව්‍යාපාරිකයෝ 10 ක් කෝටි 8,000 ක් පොලු තබති

(යොහාන් භාසුර)
මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසීය.
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා කොළඹදී පැවැති විශේෂ සමුළුවකදී එය හෙළි කළේය.
අදාල ව්‍යාපාරිකයන් ඉහළ ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් උපයන මුදල් පිටරට තැන්පත් කරමින් අදාල බැංකු දෙකට පොලු තියා ඇති බවත් ලංකා බැංකුවට රුපියල් කෝටි 5,000 ක් සහ මහජන බැංකුවට රුපියල් කෝටි 3,000 හිඟ ඇති බවත් ඒ මහතා කීය.
එම විශාල මුදල ගෙවන්න තියෙන ව්‍යාපාරිකයන්ගේ නම් හෙළි කරන ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත්  එසේ නොවුණ හොත් මහජන යහපත උදෙසා ඒ නම් හෙළි කිරීමට සූදානම් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (15)

ව්‍යාපාරිකයෝ 10 ක් කෝටි 8,000 ක් පොලු තබති

Rata Perata Sunday, 03 December 2023 02:37 PM

අපිට ඉන්න සහ හිටපු කොන්දක් නැති, දුර්වල පාලකයෝත් එක්ක මේවා අයකරනවා බොරු... අලුත් වෙනසක් රටට ඕනම මොහොතක්...!

:       61       99

Ruwan Sunday, 03 December 2023 05:28 PM

මාලිමාවේ ආණ්ඩුවකින්... මේ සියල්ල අයකරගන්න වැඩපිළිවෙලක් ඕනෑ..

:       125       100

මාමMonday, 04 December 2023 05:13 AM

එච්චරයි..., එකම බලාපොරොත්තුව අනිත් අය ඔක්කොම පල් හොරු කොල්ලෝ...!

:       0       2

I.Rodrigo Monday, 04 December 2023 06:51 AM

මාලිමාව කරයිද? චන්ද්‍රිකා එක්කත් කළා නේද? 1994, 2005, 2015, 2019 ගෝඨාභය/ රනිල් එයාව ගෙනාවේ...!

:       3       4

Y.M.Somapala Sunday, 03 December 2023 09:20 PM

බැංකුකරු සහ පාරිභෝගික සබඳතා අතර ඇත්තේ අඩු සබඳතාවයකි. {ඔබට පාරිභෝගික තොරතුරු මුදා හැරිය හැකි නම්, ඔබ අල්ලා ගනු ලැබේ. අහුවුනු නඩුව බලන්න (මහජන බැංකු සිදුවීම නැවත ගාමිණී ෆොන්සේකා චිත්‍රපට නළුවා )

:       0       0

Sachith Sunday, 03 December 2023 10:24 PM

ඕක පාර්ලිමේන්තුවේ හෙළි කරන්න?ඔකේ ඉන්න උන්ට ඊළඟ චන්ද ව්‍යාපාරය දුවාගන්න සල්ලි දෙන්නේ ඔයාලද එතකොට ?

:       0       0

චන්දිම Sunday, 03 December 2023 11:18 PM

මේ දැනට ඉන්න ප්‍රධාන පක්ෂ දෙකේ අය කවම කවදාවත් මේ අයගේ නම් හෙලිකරන්නෙත් නැහැ ඒ අයට බලය ලැබුනත් මේ මුදල් අයකර ගන්නෙත් නැහැ. කරන්නේ බොරුවට ගොශාව නගන ඒක විතරයි. මේ ආණ්ඩුව කරන්නේ මෙවැනි පොලු කාරයන්ගෙන් අයකරගත යුතුව තිබෙන මුදලට හරියන්න මුදල් බදු විදියට රටේ විවිධ තරාතිරම් වල ජනතාවගෙන් හුරා කන ඒක විතරයි. ඔය මාධ්‍ය සාකච්චා තියන රන්ජිත් ටැමරන්පාක් ගෙන් ඕක හරියට මුනටම අහන්න කෙනෙක් නැතිවීම තමයි කරුමේ.

:       0       2

රංබොඩ Monday, 04 December 2023 12:18 AM

පාර්ලිමේන්තුවෙන්නම් ඔය නම් එළියට එන්නෙ නෑ. එයාලා හොරු සමඟ හෙළුවෙන්.

:       0       2

විජේ Monday, 04 December 2023 06:53 AM

ඔතැන කී දෙනෙක් ඇමතියෝ, මන්ත්‍රියෝද?

:       0       1

Aravinda Monarawila Monday, 04 December 2023 08:21 AM

තව මාස දහයක් ඉවසන්නකෝ .එතකොට ඔය ව්යාපාරිකයෝම ඇවිල්ලා අදාළ බැංකුවට සල්ලි ගෙවයි

:       1       3

Kazi Shajahan Monday, 04 December 2023 09:11 AM

පොලුකාරයන්ට පොඩි සමා කාලයක් දීල හරිගස්සගන්ඩ බැරිඋනොත් විතරක් ඔවුන්ගෙ නම් ප්‍රසිද්ධ කරන්ඩ අවසර දෙන්ඩ. මොක මහජනයා දැනගන්ඩ ඔන ඒ් කවුද කියල

:       0       0

මැක්ස් Monday, 04 December 2023 10:56 AM

පොඩ්ඩක් ඉවසන්න රන්ජන් සේනානායක මහත්තයා, ඔය ව්‍යාපාරික හොරු ඔක්කෝම මේ දවස්වල හංස ගීතය ගායනා කරන්නේ. ලබන ඔක්තෝබරයේ නිසැකවම සිදුව "ලන්කීය ඔක්තෝබර්" විප්ලවය හරහා බලයට පත්වන අනුර කුමාර සහෝදරයාගේ සමාජවාදී රජය යටතේ සියලු මුදල් ඔවුන්ගෙන් අය කර ගන්නවා ඇත. එය හෙට හිරු පායන මෙන් ෂුවර්ය.

:       3       4

pakeer Monday, 04 December 2023 12:00 PM

ගොඩක් මෝඩයෝ පවා දන්නවා. දැන් මේක ගොඩ ගන්නත් බැහැ. මේකෙ අනාගතයකුත් නැහැ කියලා.. ඒ නිසා පුළුවන් අය එළියට යනවා. සල්ලිත් එළියට යවනවා. ඒවා කරන්නේ සාමාන්‍ය අය නෙවෙයි. සමාජයේ යමක් කරන්න පුළුවන් අය... මේකෙ ඉතුරු වෙන්නේ නූගත් හිඟන්නෝ ටිකක්... අන්තිමට.

:       0       3

Rohana Monday, 04 December 2023 12:30 PM

ලොකු පොඩි පොලුකාරයෝ දෙවර්ගයක් ලංකාවේ ඉන්නවා. මෙහි සඳහන් ලොකු පොලුකාරයෝ ටයිකෝට් ඇඳගත් ජෙන්ටල්මන් වර්ගයේ පොලුකාරයෝ. මෙයාලාට බොහෝවිට දේශපාලන රැකවරණ ලැබෙන නිසා ණය නොගෙව්වයි කියලා දේපල, වත්කම් හිලව්කරගන්නවත් බැංකුවල උනන්දුවක් නෑ.

:       0       2

sathyapala Monday, 04 December 2023 01:14 PM

පොඩි පොඩි මිනිස්සුන් වරදක් කරපුවාම චන්ඩි වගේ නම, වාසගම, උපන්දිනය, ඡායාරුප විතරක් නොවෙයි පරම්පරාවේම විස්තර දානවා. මහා අය කරපුවාම මාධ්‍යය පවා සියල්ල හංගනවා. මම නම් කියන්නේ මේ මහා පරිමාණ රට විනාශ කරන හොරුන්ගේ නම් ගම විතරක් නොවෙයි... ඔවුන්ගේ වයස 18 වැඩි දරුවන් පවා හෙලිකළ යුතුයි. ඒකට හේතුව මේ දරුවෝ මහා එවුන් හොරකම්කරන සල්ලිවලින් පිට රටවල සුපිරි ජීවිත ගත කරනවා. ඔවුන් දන්නවා දෙමවුපියන් මේ හොරකම්කර තමන්ට එවන්නේ අහිංසක දරුවෙකුට පිළිකා බෙහෙතක් ගන්න තියන සල්ලි, දරුවෙකු මන්ද පෝෂණයෙන් මුදාගන්න තියන සල්ලි කියලා. ඒ දැනදැනම මේ අපරාධ කරන්නට එපා කියන්නට බැරි වැඩිහිටි දරුවන් අපරාධකරුවන්... මේ කරන අපරාධ නවත්වන්නට බලපෑම් නොකර ඒ මුදලින් සුපිරි සැපවිඳින ඔවුනුත් අපරාධකරුවන්....!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 703 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 1052 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


ඇමෙරිකා දූපත් වටේ නිරුවතින් මුහුදු සවාරියක්
2024 මැයි මස 04 102 0

සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 50 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 699 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


සහනාධාර සහල් නොදුන්නැයි ග්‍රාම නිලධාරිනියට ගහලා
2024 මැයි මස 04 409 0

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site