(යොහාන් භාසුර)
මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දසදෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බවත් ඔවුන්ගේ නම් හෙළි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවත් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා පැවසීය.
ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා කොළඹදී පැවැති විශේෂ සමුළුවකදී එය හෙළි කළේය.
අදාල ව්‍යාපාරිකයන් ඉහළ ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් උපයන මුදල් පිටරට තැන්පත් කරමින් අදාල බැංකු දෙකට පොලු තියා ඇති බවත් ලංකා බැංකුවට රුපියල් කෝටි 5,000 ක් සහ මහජන බැංකුවට රුපියල් කෝටි 3,000 හිඟ ඇති බවත් ඒ මහතා කීය.
එම විශාල මුදල ගෙවන්න තියෙන ව්‍යාපාරිකයන්ගේ නම් හෙළි කරන ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුණ හොත් මහජන යහපත උදෙසා ඒ නම් හෙළි කිරීමට සූදානම් බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඉන්න සහ හිටපු කොන්දක් නැති, දුර්වල පාලකයෝත් එක්ක මේවා අයකරනවා බොරු... අලුත් වෙනසක් රටට ඕනම මොහොතක්...!
මාලිමාවේ ආණ්ඩුවකින්... මේ සියල්ල අයකරගන්න වැඩපිළිවෙලක් ඕනෑ..
බැංකුකරු සහ පාරිභෝගික සබඳතා අතර ඇත්තේ අඩු සබඳතාවයකි. {ඔබට පාරිභෝගික තොරතුරු මුදා හැරිය හැකි නම්, ඔබ අල්ලා ගනු ලැබේ. අහුවුනු නඩුව බලන්න (මහජන බැංකු සිදුවීම නැවත ගාමිණී ෆොන්සේකා චිත්‍රපට නළුවා )
ඕක පාර්ලිමේන්තුවේ හෙළි කරන්න?ඔකේ ඉන්න උන්ට ඊළඟ චන්ද ව්‍යාපාරය දුවාගන්න සල්ලි දෙන්නේ ඔයාලද එතකොට ?
මේ දැනට ඉන්න ප්‍රධාන පක්ෂ දෙකේ අය කවම කවදාවත් මේ අයගේ නම් හෙලිකරන්නෙත් නැහැ ඒ අයට බලය ලැබුනත් මේ මුදල් අයකර ගන්නෙත් නැහැ. කරන්නේ බොරුවට ගොශාව නගන ඒක විතරයි. මේ ආණ්ඩුව කරන්නේ මෙවැනි පොලු කාරයන්ගෙන් අයකරගත යුතුව තිබෙන මුදලට හරියන්න මුදල් බදු විදියට රටේ විවිධ තරාතිරම් වල ජනතාවගෙන් හුරා කන ඒක විතරයි. ඔය මාධ්‍ය සාකච්චා තියන රන්ජිත් ටැමරන්පාක් ගෙන් ඕක හරියට මුනටම අහන්න කෙනෙක් නැතිවීම තමයි කරුමේ.
පාර්ලිමේන්තුවෙන්නම් ඔය නම් එළියට එන්නෙ නෑ. එයාලා හොරු සමඟ හෙළුවෙන්.
ඔතැන කී දෙනෙක් ඇමතියෝ, මන්ත්‍රියෝද?
තව මාස දහයක් ඉවසන්නකෝ .එතකොට ඔය ව්යාපාරිකයෝම ඇවිල්ලා අදාළ බැංකුවට සල්ලි ගෙවයි
පොලුකාරයන්ට පොඩි සමා කාලයක් දීල හරිගස්සගන්ඩ බැරිඋනොත් විතරක් ඔවුන්ගෙ නම් ප්‍රසිද්ධ කරන්ඩ අවසර දෙන්ඩ. මොක මහජනයා දැනගන්ඩ ඔන ඒ් කවුද කියල
පොඩ්ඩක් ඉවසන්න රන්ජන් සේනානායක මහත්තයා, ඔය ව්‍යාපාරික හොරු ඔක්කෝම මේ දවස්වල හංස ගීතය ගායනා කරන්නේ. ලබන ඔක්තෝබරයේ නිසැකවම සිදුව "ලන්කීය ඔක්තෝබර්" විප්ලවය හරහා බලයට පත්වන අනුර කුමාර සහෝදරයාගේ සමාජවාදී රජය යටතේ සියලු මුදල් ඔවුන්ගෙන් අය කර ගන්නවා ඇත. එය හෙට හිරු පායන මෙන් ෂුවර්ය.
ගොඩක් මෝඩයෝ පවා දන්නවා. දැන් මේක ගොඩ ගන්නත් බැහැ. මේකෙ අනාගතයකුත් නැහැ කියලා.. ඒ නිසා පුළුවන් අය එළියට යනවා. සල්ලිත් එළියට යවනවා. ඒවා කරන්නේ සාමාන්‍ය අය නෙවෙයි. සමාජයේ යමක් කරන්න පුළුවන් අය... මේකෙ ඉතුරු වෙන්නේ නූගත් හිඟන්නෝ ටිකක්... අන්තිමට.
ලොකු පොඩි පොලුකාරයෝ දෙවර්ගයක් ලංකාවේ ඉන්නවා. මෙහි සඳහන් ලොකු පොලුකාරයෝ ටයිකෝට් ඇඳගත් ජෙන්ටල්මන් වර්ගයේ පොලුකාරයෝ. මෙයාලාට බොහෝවිට දේශපාලන රැකවරණ ලැබෙන නිසා ණය නොගෙව්වයි කියලා දේපල, වත්කම් හිලව්කරගන්නවත් බැංකුවල උනන්දුවක් නෑ.
පොඩි පොඩි මිනිස්සුන් වරදක් කරපුවාම චන්ඩි වගේ නම, වාසගම, උපන්දිනය, ඡායාරුප විතරක් නොවෙයි පරම්පරාවේම විස්තර දානවා. මහා අය කරපුවාම මාධ්‍යය පවා සියල්ල හංගනවා. මම නම් කියන්නේ මේ මහා පරිමාණ රට විනාශ කරන හොරුන්ගේ නම් ගම විතරක් නොවෙයි... ඔවුන්ගේ වයස 18 වැඩි දරුවන් පවා හෙලිකළ යුතුයි. ඒකට හේතුව මේ දරුවෝ මහා එවුන් හොරකම්කරන සල්ලිවලින් පිට රටවල සුපිරි ජීවිත ගත කරනවා. ඔවුන් දන්නවා දෙමවුපියන් මේ හොරකම්කර තමන්ට එවන්නේ අහිංසක දරුවෙකුට පිළිකා බෙහෙතක් ගන්න තියන සල්ලි, දරුවෙකු මන්ද පෝෂණයෙන් මුදාගන්න තියන සල්ලි කියලා. ඒ දැනදැනම මේ අපරාධ කරන්නට එපා කියන්නට බැරි වැඩිහිටි දරුවන් අපරාධකරුවන්... මේ කරන අපරාධ නවත්වන්නට බලපෑම් නොකර ඒ මුදලින් සුපිරි සැපවිඳින ඔවුනුත් අපරාධකරුවන්....!