IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ව්‍යාපාරික වීසා අත්හිටුවීමෙන් ජාතික ආර්ථිකය අවදානමක

(යොහාන් භාසුර)

කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවත් එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අගෝස්තු මස 2 වැනිදා සිට කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමෙන් නිල විදේශ ව්‍යාපාරිකයන්ට මෙරට පැමිණීමේදී දුෂ්කරතා ඇති වී ඇති බවත් මෙම තත්වය මෙරට ව්‍යාපාර කෙරෙහි අනිසි බලපෑම් ඇතිකර ඇති බවත් එම සංසදය කියයි.

අපනයන සහ ව්‍යාපාරික වර්ධනය සඳහා ජාත්‍යන්තර සහභාගිත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව කියන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ජාතික ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට විදේශ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් බව ද එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කරයි.  



අදහස් (3)

ව්‍යාපාරික වීසා අත්හිටුවීමෙන් ජාතික ආර්ථිකය අවදානමක

namal Wednesday, 11 September 2024 05:57 PM

ඊළඟට එන ආන්ඩුව වට්ටන්න රනිල් ඇතුලු කල්ලිය ගහන ගේමක් වෙන්න බැරි නෑ

:       0       2

Chandima Wednesday, 11 September 2024 08:17 PM

තව දවස් කීයද? පිනා ගිය ගමන් ඔව්ව හරියයි.

:       1       3

Dewa Thursday, 12 September 2024 11:51 AM

ඔය ඔක්කොම කෙනෙහෙලිකම් තව ටික දවසයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1108 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site