
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර කොටාමුල්ල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් ඝාතනය කළ සැකකරුවෙක් වසර දහයකට පසු රත්නපුර කොට්ඨාස අපරාධ ව්මර්ශණ ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය.
සිගරැට් දෙකක් ලබාගෙන රුපියලක් අඩුවෙන් දිමේ සිද්ධියක් මුල්කරගෙන ඇතිවු බහින් බස් විමකින් පසු මෙම ද්විත්ව ඝාතනය සිදු කර ඇතැයි පොලිස් පරික්ෂණවලදි හෙළි විය.
රත්නපුර කොටාමුල්ල මංසන්ධියේ වෙළෙඳසලක් පවත්වාගෙන ගිය ඒ.එල්.රත්නසිරි පෙරේරා (69) සහ එම්.කමලා අඹේසිංහ (62) යන අඹුසැමි දෙදෙනා 2013 වසරේ අගෝස්තු මස 30 වනදා ඔවුන්ගේ වෙළෙඳ සැලතුළදිම කපා කොටා ඝාතනය කර තිබුණි.
එම ඝාතනය ගැන මියගිය අයගේ නෑදෑයන් කිහිප දෙනකු සහ ප්‍රදේශයේ රැදි සිටි අහිකුන්ඨක කණ්ඩායමක කිහිප ගෙන්ද පොලිසිය ප්‍රශ්න කළද එම ද්විත්ව ඝාතනය දසවසරක් තිස්සේ අබිරහසක්ව පැවතිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හපන්කම් කරන අපේ පොලීසිය මහදවල් මහබැංකුව කඩපු හොරු අල්ලන්නෙ නැත්තෙ බැරිකමකට වෙන්න බෑ.
ඔබ දෙපලට නිවන්සුව පතමු.