(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195ක් ලබාගැනීමට වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නෙහන්සි ප්‍රබෝද්‍යා කුලරත්න ශිෂ්‍යයාව සමත්ව සිටින්නීය .

වේයන්ගොඩ උඩුගම ප්‍රදේශයේ පදිංචි නෙහන්සි දැරිය පවුලේ දෙවනියා වන අතර ඇයට වැඩිමහල් සහෝදරියක් ද වේ.

නෙහන්සි ප්‍රබෝද්‍යා කුලරත්න ශිෂ්‍යාව ඇගේ ජයග්‍රහණය සම්බන්ධව මෙසේ අදහස් පැවසුවාය.

මගේ මේ ජයග්‍රහණයට සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ මගේ පාසලටයි.

පාසලෙන් සහ පන්තිවලින් දුන්න පාඩම් වැඩ මම එදිනෙදා ම කළා. පාසල් වැඩ කටයුතු කරගෙන යන්න මගේ අම්මයි තාත්තයි වගේම මගේ විදුහල්පති ඩබ්.කේ. එම්. ක්‍රිෂාන්ත ගුරුපියාණන් සහ පන්තිභාර ගුරුතුමා වන එන්.එස්. කුමාර ගුරුතුමා මට ගොඩක් සහය වුණා.