වියට්නාම් බෞද්ධ හිමිවරු ඇතුළු දූත පිරිසක් සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරිහු පිරිසක් අතර හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය වර්ධනය කිරීම සඳහාත්, බුදු දහම හා බැඳුණු සංස්කෘතිකාංග හුවමාරුව සඳහාත් මෙම දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී දළඳා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මහියංගනය යනාදී බෞද්ධ කේන්ද්‍රස්ථාන වැඳපුදා ගැනීම සහ   භික්ෂූන් වහන්සේලා බැහැදැකීමත් මෙම දූත පිරිසෙහි අරමුණ වේ.

වියට්නාම බෞද්ධ සංඝ සභාවේ අනුශාසක මණ්ඩලයේ උප උත්තරීතර කුලදෙටුවන් වන  තිච් වියන් මිං,වියට්නාම බෞද්ධ සංඝ සභාවේ විධායක සභාවේ මහලේකම්, උප සභාපති ආචාර්ය තිච් ඩක් තියන්,ජාත්‍යන්තර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි වියට්නාමයේ උප සභාපති ලංකා මිත්‍රත්ව ශ්‍රී සංගමයේ වියට්නාම බෞද්ධ සංඝ සභාවේ විධායක සභාවේ උප සභාපති තිච් තන් ෆොං ඇතුළු  පිරිසක් මෙන්ම අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.