( පුෂ්පකුමාර ජයරත්න)
ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ විගණන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලව පොලීසිය පවසයි.
සැකකරු වැල්ලව ප්‍රදේශයේ වෙළඳසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වෙසෙන කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16 ක්පොලීසියටහමුවී තිබේ.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ නෝට්ටු සමඟ විධායක නිලධාරියා අල්ලයි
Muthu Tuesday, 30 May 2023 02:32 PM
ළඟදීම, රුපියල නැගලා, එක රුපියලක් ගන්න, ඩොලර් එකකට වැඩියෙන් දෙන්න වෙන සීන් එකේ අනික් පැත්ත මේ. රට පුරාම හොර සල්ලි, වංචා, හොරකම් එදා වේල කන්න විදියක් නැතුව. මුළු ආර්තිකෙම් හැකිලිලා ඍණ තත්වෙට බැහැලා, රස්සා නැති වෙලා ලක්ෂ ගණනකගේ.