
(ගයාන් සූරිය ආරච්චි)
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු හැට දෙකක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 ක හේනගම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
අපරාධ නිවාරණ රාජකාරී යෙදී සිටි දෙමටගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දී සැකකටයුතු කාන්තාවක් පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ 5000 මුදල් නෝට්ටු සොයාගෙන ඇත.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.