පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි තමාට දැනුම්දුන් බවය.
විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය අද (12) දින නිකුත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුව දවසට මෙයා හැමදාම ලෙඩවෙනවා.