(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වරෙන්තුව ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ඔහුට තරයේ අවවාද කරමින් පෙර ඇප මත අද (21) මුදා හැරියේය.
මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෝසමක් මගින් අධිකරණයට අද (21) බාර වූ අවස්ථාවේ දී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම පැහැර නොහරින ලෙසට අවසන් වතාවට තරයේ අවවාද කරන බව මෙහිදී අධිකරණය සැකකාර හිටපු අමාත්‍යවරයාට විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය.
මෙම නඩුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පෙරේදා (19) දිනයේ දීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ඉකුත් 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කළ බවට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල්ට තරයේ අවවාද
prasanna Wednesday, 21 June 2023 10:00 PM
මොලයක් තියෙන එකෙක් යැ
Yass Thursday, 22 June 2023 06:16 AM
ඔව්. මේ මිනිහට FBI වැඩ ගැන බුද්ධියක් තියෙන නිසා වෙන්න ඕන.
swene Thursday, 22 June 2023 07:18 AM
ඇයි වීරෙ අධිකරණයට පෙනී හිටියේ? ඇතුලෙ පොඩි රවුමක් ගහල ආවනම් ස්කෝර් එකක් දාගෙන එලියට එන්න තිබුණානේ ?
Nimal Thursday, 22 June 2023 10:34 AM
වෙලාවට මෙය පොල් ගෙඩියක් එහෙම හොරකන් කරල නොතිබ්බෙ. එහෙම තිබ්බ නම් ඇපත් නෑ. කෙලින්ම රිමාන්ඩ් එකේ.