IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

සුනඛයෙකුට සිවුරක් පිරවීම ඇතුළු බුදු දහමට නිගා වන අයුරින්" ටික් ටොක්"  වීඩියෝ අන්තර්ජාලයට මුදාහල  රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් හඳුන්වාගත් චීවරධාරියා   ලබන 09 දින තෙක්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය .

සැකකරුට ඇප ලබාදිය හැකිද? නොහැකිද ?යන්න පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බවද මහේස්ත්‍රාත්වරයා  දන්වා සිටියේය.

මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට සැකකාර චීවරධාරියාව  බන්ධනාගාර රෝහල වෙත  ඉදිරිපත් කර තිබූ හෙයින් ඊයේ දින අධිකරණය  ඉදිරිපත් නොකළ අතර ලබන නමවෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරියට නියෝග නිකුත් කරමින් දන්වා සිටියේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ආගම් අතර වෛරයක් ඇතිවෙන පරිදි  අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ සඳහන් වරදවල් කර නොමැති බවත් ,දණ්ඩ නිතී සංග්‍රහයේ 291 වගන්තිය යටතේ  අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි බවත් සැකකාර චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ උපුල් කුමරප්පෙරුම  මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සම්පූර්ණයෙන් දෝෂ සහිත බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින් එම කරුණු සලකා බලා ඇප ලබා දෙන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

යම් ප්‍රකාශයක් කළ පමණින් කිසියම් තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසියේ කාර්යභාරය නොවිය යුතු බව පෙන්වා දුන් නීතිඥවරයා අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ වගන්ති ප්‍රකාරව සැකකරු ප්‍රබල පුද්ගලයෙක් හෝ දේශපාලනඥයෙක් නොවන බවත් ,ඔහුට කිසියම් ජන සමාජයක මතය වෙනස් කිරීමේ හැකියාවක් ඇති පුද්ගලයෙකු නොව න බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය .

සජීවී වීඩියෝවකදී බණ දේශනා කරන අතරතුර ශ්‍රාවකයන් කුපිත කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් පැවසීය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති  පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා පැමිණිලි තිබුණු බැවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය .

මෙම සිද්ධිදාමය හා සැකකරු  පසුපස    කිසියම් සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වන බවත්,සැකකරුගේ බැංකු ගිණුම් විමර්ශනය කිරීම තවදුරටත් සිදුවන බවත් , දුරකථන සහ පරිගණක උපාංග  රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවා  ඇති හෙයින් විමර්ශන අවසන් නොමැති බවටත්  පැවසීය .

සැකකරුගේ එක් බැංකු ගිණුමක රුපියල් ලක්ෂ විසි පහක් තැන්පත් වී තිබූ බවත් පැවසූ රහස් පොලිසිය  තවත් පුද්ගලික බැංකුවක ගිණුමක රුපියල් ලක්ෂ අටක් තැන්පත් කර තිබූ බව සඳහන් කළේය .

රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක සිට පැමිණි මෙම චීවරධාරියාට ආදායම් මාර්ගයක් නොමැති බවත් ,මෙම ක්‍රියාදාමය තුළින් ඩොලර් උපයන බවට සැක කරන බවත් සඳහන් කළ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුදු දහමට නිගා කරන කල්ලි විසින් එම ඩොලර් ප්‍රදානය කරන බවට සැක පල කරන බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය .

සැකකරු ටික් ටොක්  වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරී සිම්පත ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවගේ නමින් ලබාගත්තක් බවට විමර්ශනවලදී  කරුණු අනාවරණය වූ බවද පැවසීය .

පොලිසිය ලැබුණු පැමිණි 17 සහ අනෙකුත් ආවේක්ෂණ කරුණු සොයා බලා සැකකරුව කඩිනමින්  අත්අඩංගුවට නොගත්තේ නම් බෞද්ධ ජනතාවට හා බුදු දහමට විශාල අප කීර්තියක් හා වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීමක් සැකකරු විසින් කළ හැකිව තිබූ බවද සඳහන් කළේය .

සැප වාහන වල යමින් කාන්තාවන් ඇසුරු කරමින් බුදුදහමට නිගාවන ආකාරයේ වීඩියෝ දිගින් දිගටම සැකකරුව විසින් අන්තර්ජාලයට මුදා හැරී හැර ඇති බවටද කරුණු ඉදිරිපත් කළේය.

අධිකරණ සංඝනායකවරයෙකු ප්‍රකාශ කළ යුතු  කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පොලිසියට ඉදිරිපත් කරණ බව පෙන්වා දුන් උපුල් කුමරප්පෙරුම මහතා  බී වාර්තාව සම්පූර්ණයෙන් වැරදි සහගත එබැවින් සැකකරු අපි මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියේය .

මෝඩභිමානය නමින් වැඩසටහනක්  කළ නතාෂා නැමැති තැනැත්තියට මහාධිකරණය මගින් ඇප ලබා දෙමින් ඉදිරිපත් කළ තීන්දුවේ පිටපතක්ද කුමරප්පෙරුම  නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය .

අදාල තීන්දුවේ සඳහන් කරුණු පරිදි මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවටද කරුණු ඉදිරිපත් කළේය .

2007 අංක 56 දරණ සිවිල් හා අයිතිවාසිකම් සම්මුති පනතේ තුන එක වගන්ති යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය 290,291 වගන්තිය යටතේ වරදවල් සිදු කිරීමට එරෙහිව සැකකාර හිමි දෙසැම්බර් 13 වෙනි දින අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  ඉහත නියෝග නිකුත් කළේය .



අදහස් (4)

විමල බුද්ධි ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයා රිමාන්ඩ්

මැක්ස් Tuesday, 02 January 2024 05:08 PM

මේ වසලයා වෙනුවෙන් පෙනීසිටින කළු කෝට් උන්දෑ ජෙප්පන් සමග රට "හදන්න", සිස්ටම් චේන්ජ් කරන්න" පූට්ටු වෙච්චි කෙනෙක් වීම අහම්බයක්ද?

:       3       8

රංබොඩ Tuesday, 02 January 2024 05:14 PM

ඩොලර් වලට සම්බුද්ධ දර්ශනයට නිගා කළ පව්කාර මිනිසා කරපු දේම තමයි ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිය දන්න මිනිසා කරන්නෙත්.

:       2       9

Prabha Wednesday, 03 January 2024 02:28 AM

මූ වෙනුවෙන් පෙනී ඉන්න උන්ටත් ගහලා එලවන්න ඕනේ

:       2       7

sam Wednesday, 03 January 2024 06:22 AM

මුට බල්ලෙක් දාලා වැඩේ දෙන්න ඕනි සක්කිලියෙක් .යකෝ කිසිම ආගමකට ජාතියකට ගරහන්න තෝ කවුද .මූ වෙනුවෙන් පෙනී ඉන්න උනුත් කාලකන්නි

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site