(ලක්මි කුඩලිගම)
අගලවත්ත වඳුරබ්බ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැමියා නිවසේදීත් බිරිඳ රෝහල් ගත කිරීමෙන් පසුවත් මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ අගලවත්ත වදුරබිබ පදිංචිව සිටි වන්නි ආරච්චිගේ උපාලි ඩයස් වයස අවුරුදු 59 වන අය හා ඔහුගේ බිරිදවන චන්ද්‍රිකා අමරසිංහ යන අයවලුන් බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා අතරින් වමනය හා පාචනය තත්වයකින් පසුවූ වන්නි ආරචිචිගේ උපාලි ඩයස් යන අය නිවසේදි මියගොස් ඇත.
පසුව ඔහුගේ බිරිද එම රෝගී තත්ත්වයම හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd