
(සුජිත් හේවාජුලිගේ)
මෙරට වෘත්තීය සමිති හා කම්කරු සටන් ව්‍යාපාරයන්හි දීර්ඝකාලීනව කැපවී කටයුතු කළ කම්කරු නායකයන් දස දෙනකුට උපහාර පිදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත.
කම්කරු අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික සම්පත ලොතරැයි ශ්‍රම වාසනා අරමුදල හා කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම උපහාර උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අනිද්දා (15 ) පැවැත්වේ.
මෙම උපහාර උත්සවයේදි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර,සමස්ත ලංකා එක්සත් මෝටර් කම්කරු සංගමයේ දයාරත්න මුනිදාස ප්‍රනාන්දු,ඒකාබද්ධ වැවිලි වෙළෙඳ සංගමයේ සුප්පයියා සුබ්‍රමනියම් රාමනාදන්,සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමයේ එච්.ඒ.මුනිදාස,ලංකා වතු සේවක සංගමයේ පද්මසිරි අමරසිංහ,කෘෂිකාර්මික සහ වතු කම්කරු සංගමයේ රෙංගප්පා මරුදමුත්තු ක්‍රිෂ්ණසාමි,ලංකා කම්කරු කොංග්‍රසයේ ආර් පලනිමුත්තු,එක්සත් වැවිලි සේවක සංගමයේ ආරුමුගම් මුත්තුසාමි,ලංකා කම්කරු සම්මේලනයේ ටී.එම්.රහීම් රෂීඩින් සහ නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සංගමයේ ඇන්ටන් මාකස් යන කම්කරු හා වෘත්තීය සමිති නායකයන්ට උපහාර පුද කිරීමට නියමිතය .
මීට අමතරව හිටපු කම්කරු කොමසාරිස් ජෙනරාල් වරුන් වූ මහින්ද මඩිහේවා සහ ජී. වීරකෝන් යන මහත්වරුද මෙහිදී විශේෂ ඇගැයීම් සම්මානයෙන් පිදුම් ලබති.
උපහාර ලබන මෙම කම්කරු නායකයන්ට මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000) මූල්‍ය ප්‍රදානයක් සමගින් උපහාර තිළිණ ප්‍රදානය කෙරෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
මෙම කම්කරු නායක උපහාර ප්‍රදානෝත්සවයට හිටපු කම්කරු අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගිවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd