(ගයාන් සූරියආරච්චි)
දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් 10 ක් පමණ යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.
විපතට පත් ජනතාව මුදවා ගැනීම සදහා යුද හමුදා නිලධාරීන් 200 ක් පමණ දැනට යොදවා තිබේ.
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් පරිදි මෙම කණ්ඩායම් යොදවා තිබේ.
ඒ අනුව කිරිඇල්ල, දෙහිඕවිට, ගලතුරු ඔය, මොරවක, තවලම, තිහගොඩ, නෙළුව, මාලිම්බඩ, සාලාව ඇතුළු ප්‍ර දේශවලට හමුදා භට පිරිස් යොදවා ඇති බවත් මේවනවිට ආහාර පිසීමේ ස්ථානද ආරම්භ කර ඇති බවත් රසික කුමාර මහතා කීය.
හදිසි අවස්ථා ඇති වුවහොත් තවත් භට කණ්ඩායම් සූදනමින් තබන ලෙස යුද හමුදාපතිවරයා උපදෙස් දී ඇති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd