IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විපක්ෂය බොරු කියන හේතු දෙක වජිර කියයි

(අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ කණ්ඩායම් පුරුද්දට මෙන්ම තනතුරු වලට තිබෙන ආසාව නිසා ජනතාවට බොරු කියමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා  මහතා පැවසීය.

ඉදිරි ජනපතිවරණයේදී තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජය හෝ පැරදුම නොව රටේ ජය හෝ පැරදුම බව අබේවර්ධන මහතා කීය.

දැන් යන පාර වෙනස් කළ යුතු යැයි කාට හෝ සිතෙන්නේ නම් ඔවුන්ට මීට අවුරුදු දෙකකට පෙර රට තිබූ තැනට යාමට සිදුවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

කළුතර ,පානදුර සහ හොරණ මැතිවරණ කොට්ඨාස වල කලාප නියෝජිතයන්ගේ හමුවක් අමතමින් වජිර  අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙරට ගුරුවරුන් රටේ තත්ත්වය දෙස නොබලා කල්පනාවෙන් වැඩ නොකර තවදුරටත් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ක්‍රියා කළහොත්  මුළු මහත් ජාතියම විනාශ මුඛයට යන බවද එජාප සභාපතිවරයා කීය. 



අදහස් (14)

විපක්ෂය බොරු කියන හේතු දෙක වජිර කියයි

NAMAL Sunday, 30 June 2024 12:34 PM

කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       2       14

NAMAL Sunday, 30 June 2024 12:34 PM

ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහාරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය.

:       2       21

Pradeep Kumara Sunday, 30 June 2024 12:54 PM

මොනවා වුණත් එක් සත්‍ය දෙයක් පවසලා තියනවා. "ඉදිරි ජනපතිවරණයේදී තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජය හෝ පැරදුම නොව රටේ ජය හෝ පැරදුම බව අබේවර්ධන මහතා කීය". අනිවාර්යයෙන්ම ඔව්. රට විනාශ කළ මේ සියළුම කල්ලි පලවා හැර රට ගොඩනැගිය හැකි කණ්ඩායමකට බලය ලබාදීමට ජනතාව බලා සිටිනවා... විපක්ෂය විතරක් නෙමෙයි ඔබලාත් තනතුරු වරප්‍රසාදවලට ඇති ආසාවට සහ පුරුද්දට මෙන් කියන්නේ බොරුම තමයි. තව දුරටත් ඔබලාගේ උප්පරවැට්ටි වලට ජනතාව රැවටෙන්නේ නැති බව මතක තබා ගන්න...

:       4       16

Perera Sunday, 30 June 2024 01:02 PM

තමන් බොරු කියන හේතුවත් ඔය ගමන්ම කියන්⁣නකෝ

:       1       10

Ruwan De Silva Sunday, 30 June 2024 01:13 PM

අන්න UNP මහ ලේකම්ගේ පුතා තුන්වෙනි වතාවටත් මාරක රිය අනතුරක් කරලා ෂොක් එකට ඉන්නවා. ඒවා පෙන්නේ නැද්ද?

:       1       9

සුපුන් චාමර Sunday, 30 June 2024 01:31 PM

මොනා උනත් ලොක්කා ඇත්ත කියල . පිනා දින්නොත් රට ඉවරෙටම ඉවරයි. පැරදුනොත් මේ රට අලුතෙන්ම හැදෙයි. අනිත් එක බලන්න වජිරගෙ කතාවෙ තියෙන දේශප්‍රේමය ජාති ආලය. කොච්චර රට ගැන හිතනවද. හරියට නිකම් කන්න කලින් කෑමට වදිනව වගේ වැඩක්. අනිත් එක මේ මාස 4න් පස්සේ 90%කට උන්හිටි තැන් නැති වෙනවා

:       2       16

de silva Sunday, 30 June 2024 01:38 PM

ඔය කියන තරම් වෙනසක් රට තුල සිදුවෙලා නැහැ , අපි රජයේ කාර්යාලවල පෝලිම්වල දුක් විදිනවා ,අඩුමතරමේ මේ ගොල්ලට රියදුරු බලපත් නිකුත් කිරීමවත් 2019 තිබුන ආකාරයට තවම කරගන්න බැරිවෙලා තිබෙනවා , කොළ කැබලි සාක්කුවේ දමාගෙන වසර 2 පමණ ඉන්න ඕනේ එහෙම නැතිනම් 7000-8000 පගාව දෙන්න ඕනේ කාර්ඩ් එක ගන්න , පුලුවන්නම් එම දෙපාර්තමේන්තුවේ අල්ලසට දුෂණයට වැට බැඳලා සතියක් දෙකක ඇතුලත සාමාන්‍ය විදිහට රියදුරු බලපත් කාර්ඩ් පත දෙන ක්‍රමයක් හදල පෙන්වන්නකෝ ? ඒකවත් කරගන්න බැරිනම් ඔය ගොල්ලෝ ෆේල් ,

:       2       19

ගමේ එකාලා Sunday, 30 June 2024 02:49 PM

තමුන් කියන බොරු බේගල් නම් කවුරුවත් විස්වාස කරන එකක් නැහැ.රනිල් අවුරුදු 45 ක් තිස්සේ කරපු කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .බලලෝබී බඩගෝස්තරවාදී දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ

:       2       19

Prabha Sunday, 30 June 2024 03:45 PM

මේ කියන කතා හිනා නොවි අහන් ඉන්න කොහොමද අප්පා

:       2       18

de silva Sunday, 30 June 2024 09:36 PM

ඇනස්ලි, බර්ටි, සැමුවෙල් දැන් මැරිලා නිසා අපට හිනා වෙන්න මෙයා අලුත් විහිලු සපයනවා

:       1       9

Amal Sunday, 30 June 2024 11:11 PM

ඔයා මොන බයිලා ගැහුවත් සටන තියෙන්නේ සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතරයි ධම්මික පෙරේරා අවොත් අනිවාර්යෙන්ම රනිල්ට හතර වෙනි තැන තමයි ලැබෙන්නේ රනිල්ගේ වටේට ඉන්න අයට කෙසේවත් චන්ද ලැබෙන්නේ නැහැ ඒ අය ගැන ජනතාව හොදට දන්නවා

:       0       4

විජිත් Sunday, 30 June 2024 11:50 PM

රට ගැන හිතපු නිසා තමයි ගාල්ලෙ එජාප සාමාජිකයෝ ඔය සභාපතියා ගෙදර කිව්වෙ. ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ආයෙත් එනවා අපිට කියල ඇරවගන්න...

:       0       3

sam Monday, 01 July 2024 05:17 AM

මෙයා බලය ලබාගන්න නොකිය බොරුවක් නැ පට්ට කෙබර කෙලින්නේ කරුනාකරලා රටේ ඇත්ත තත්ත්වය මිනිස්සුන්ට කියලා ඡන්දය ඉල්ලා දිනන්න හදනවා හලෝ යන තැනට හොඳක් කරගන්නවා

:       0       4

sene Monday, 01 July 2024 08:10 AM

පළවෙනි විකිණුබ රජතුමාට ජයවේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site