(යොහාන් භාසුර)
නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්‍ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්‍ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
එම උත්සහය බලාපොරොත්තුවලට සාපේක්‍ෂව ආසාර්ථක වූවද එම උත්සහය අත්හැර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ද අලහප්පෙරුම මහතා කීය.
මැතිවරණයක් ළං වන විට හයිජම්ප්වලට, ලෝන්ජම්ප් එකට පුහුණු වී ජයග්‍රහකයා වෙන්න ගොඩක් උත්සහ ඇති බව කී ඒ මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්‍ෂකයා ද සජිත් ප්‍රේමදාස මහතා යැයි නිදහසස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශය පෞද්ගලික මතයක් මිස පොදු මතයක් නොවන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විපක්‍ෂයේ පාලම හදන්න බැරිව ඩලස් කණස්සල්ලෙන්
de silva berlin Monday, 08 January 2024 08:14 PM
අවරුදු 20-25 ඔබතුමන්ලා පැවති රජයන් වල මන්ත්‍රී ධුර ඇමති ධුර දැරුව , පේනවා නේද රට්ටට වෙලා තිබෙන විනාශය , මොන සන්ධානයෙන් ඉල්ලුවත් ඔබලාට චන්දෙ දෙනවා කියන්නේ සියතින් ගෙල සිඳ ගැනීමක් කියල බොහෝ දෙනෙක් දන්නවා , කරුණාකර දැන්වත් ගෙදර යන්න
sarath Monday, 08 January 2024 08:16 PM
මේ ගොල්ල පාලම් , පාරවල් හදන්න හරිම කැමති කොමිස් එක ලැබෙන නිසා
Lalla Monday, 08 January 2024 08:24 PM
පලක් ඇති මිනිහෙක් කියන කතාවක් නම් කමක් නෑ. නිකම්ම අපතයෙක් කියන දේ කවුද ගනන් ගන්නේ...
gunarathna Tuesday, 09 January 2024 06:50 AM
අන්තිමට පොහොට්ටුව තමා ඉතුරු වෙන්නේ