(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මාස දෙකක් ඇතුළත පෝලිම් යුගය නිමා කළේ ගෑස් ටික වත් ගෙනෙන්නට ඩොලර් මිලියනයක් නොතිබූ තිබූ රටක් බාර ගෙන බව කිසිවිටෙක අමතක කළයුතු නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
අනේකවිධ චෝදනා වලට මුහුණ දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන තිබෙන බවද විජයවර්ධන මහතා කීය.
"රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පත්වන විට පැවතියේ ගෑස් ටික ගේන්න ඩොලර් මිලියනයක් වත් නැති රටක්.අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ව්‍යාපාරිකයන් සහ බැංකු සමග සාකච්ඡා කොට මුදල් හොයාගෙන ගෑස් ගෙන්වා ගන්නට හැකියාව ලැබුණා.
එතැන් සිට තමයි ටිකෙන් ටික මුදල් අතින් ශක්තිමත් කරගෙන රටෙි මූලික අවශ්‍යතා සපුරා ගන්නට හැකියාව ලැබුනේ.විපක්ෂය දැන් චෝදනා කරන්නේ මේ සත්‍යය නොදැන නොවේ.යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා පාක්ෂික හමුවක් අමතමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ ඉන්න හැම දේසපාලුවො කරන්නෙත් ඇත්ත වහලා බොරුවෙන් ජනතාව රවට්ටන එක තමා. අපේ රට ලෝකෙම හිගාකන ජාතියක් බවට පත්කරලා හමාරයි .
අනේ නිකම් ඉන්න දොරේ. ඔයා හිතුවද අපි නිකම් මෝඩයන්ට අන්දලා තව වටයකින් බලයට එන්න? ඔයාගේ නායකයා ඔය ඔක්කොම සෙල්ලම් පෙන්නන්නේ විදේශ නය නොගෙවා ඉන්න ලැබිලා තියෙන මේ ටික කාලයට විතරයි. නය නොගෙවා ඉතුරු වෙන ඩොලර් ටික නය ආපහු ගෙවන්න වෙන කාලයට නැති වෙනකොට වෙන්නේ මොනවාද කියලා නොතේරෙන මෝඩයන්ට ඕව ගිහින් කියන්න. විදේශ මුදල් රටට එන වැඩපිළිවෙලක් අපිට නම් පෙනෙන්නේ නැහැ. ඔබේ ලොක්කා දන්නා එකම සාස්තරය තමයි රටේ සම්පත් විකුනලා දාන ඒක. ඒ හින්දා අනේ පින් සිද්ධවෙයි ඔයගොල්ලෝ මකබෑවිලා තොලොංචි වෙලාම යන්න.
නය නොගෙව, හොරු රකිමින් කරන අමුතු සංවර්ධනේ
කවුද රනිල් මහත්තයාද එහෙම කියන්න කිව්වේ?
ඔහෙලා ඔක්කොම නෑදෑයෝ මිත්‍රයෝ කියලා අපි දන්නවා. ආණ්ඩු පක්ශේ, විපක්ශේ කියලා ලෝකෙට පෙන්නුවට ඔයාලා ඔක්කෝම කන්නේ එකම බත කියලා අපි දන්නවා. මිනිස්සුන්ගේ ඔලුවට විසදාන්න එපා...
රනිල්ට ගොට්ට අල්ලන උඹලාට වඩා ((පතෝල 1kg වට්ටක්කා 500g ,වැටකොළු 500g ,බණ්ඩක්කා 250g මල්ලක් වටිනවා බන් )