
(උපාලි ආනන්ද සහ බී.ජී. චතුරංග )
අනුරාධපුර අතිරේක මහේස්ත්රාත් මනෝදී හේවාවසම් මහත්මියගේ විනිසුරු නිල මැදිරිය තුල අද (4) පස්වරුවේ ගිනි අවියක් ක්රියාත්මක වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
එලෙස එම ගිනි අවිය ක්රියාත්මක වී ඇත්තේ අනුරාධපුර අතිරේක මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවතින නඩුවකට අදාලව, නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ ගිනි අවියක්, රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහේස්ත්රාත්වරියගේ අත්සන යෙදීමෙන් අනතුරුව මුද්රා තැබූ අවස්ථාවේදීය.
අධිකරණ සේවිකාවන් දෙදෙනෙකු විසින් අදාල මුද්රා තැබීම සිදු කරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස ක්රියාත්මක වී ඇති බව සඳහන් කරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය, ගිනි අවිය පත්තු වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහේස්ත්රාත් මනෝදී හේවා වසම් මහත්මිය සිය විනිසුරු නිල මැදිරියෙන් පිටව ගොස් ඇති බවද සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් කිසි වෙකුටත් තුවාල සිදුව නොමැති බවද අනුරාධුර පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd