
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා කෙසෙල්වත්ත පොලිසිය පැමිණිල්ලක් කර ඇත.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගය පරිදි අධිකරණ නිලධාරින් ඉදිරියේ විනාශ කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ පල් වතුර සහ තේ වතුර බවට පත්ව ඇත.
මත්පැන් බෝතල් 17 ක් කඩා බැලීමේදී මේ බව අනාවරණය වී ඇති අතර අදාළ බෝතල් සියල්ල සිල් තබා අධිකරණ භාරයට ගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
එසේ අත් අඩංගුවට ගන්නා ලද මත්පැන් බෝතල් තේ වතුර බවට පත් වීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස අධිකරණ රෙජිස්ටර්වරයා විසින් කෙසෙල් වත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් වැඩ බලන පොලිස්පතීවරයාට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන