IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


වනසන්න කියූ ඉස්සන් අඹරන්න දීලා

(යොහාන් භාසුර)

විනාශ කිරීමට නිර්දේශ කළ කොළඹ වරායේ තිබූ ඉස්සන් කන්ටේනරයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ  පිහිටි සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමක යන්ත්‍රවලට දමා ඇඹරීමේ සිද්ධිය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කළ බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

විනාශ කිරීමට නිර්දේශ කර තිබූ මෙම ඉස්සන් කන්ටේනරය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ගෙන ගොස් ජනතාවට අළෙවි කිරීමට සූදානම් වන්නේ යැයි ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් හෝ භාණ්ඩ විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ බලපත්‍රයක් අදාළ සමාගමට නොමැති යැයි මූලික පරීක්ෂණවලදී හෙළිවූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා කීය.

ඒ හේතුවෙන් එවැනි විනාශ කිරීමකට එම සමාගමට ඇති බලපත්‍ර ඇතුළු ලියකියවිලි රැගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත හෙට (7) දින පැමිණෙන ලෙස එම සමාගමේ ප්‍රධානියාට දැනුම් දුන් බවත් මෙවැනි විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍ය හෝ භාණ්ඩ විනාශ කිරීමට විශේෂ ක්‍රියාපටිපාටියක් ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වරායෙන් පිටකළ කන්ටේනරයේ ගබඩා කර තිබූ ඉස්සන් විශාල තොගයක් අදාළ සමාගමේ යන්ත්‍රවලට දමා අඹරා ඇති බවත් විනාශ කිරීමට නිර්දේශ කළ ආහාර ද්‍රව්‍යයක් සත්ව ආහාර නිෂ්පාදනය කරන සමාගමකට ගෙන යාම පවා නීති විරෝධි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පසුගිය ජනවාරි මස ඇමෙරිකාවේ සිට කොළඹ වරායට ළඟා වූ කන්ටේනර් දෙකක් තුළ විශාල ප්‍රමාණයේ ඉස්සන් කිලෝග්‍රෑම් 50,000 ක් ගබඩාකර තිබූ බවත් ආනයනකරුවන් එම ඉස්සන් තොගය නිදහස් කරනොගැනීම නිසා ඒවා අළෙවි කිරීමට වරාය අධිකාරිය ටෙන්ඩර් කැඳවුවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඒ සඳහා ඉහළ ලංසුවක් තබා තිබීම නිසා ඉල්ලුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් වරාය අධිකාරියේ සේවකයෝ පවසති.

එම ටෙන්ඩර් කැඳවීමේදී ඉස්සන් කන්ටේනර් දෙක මිලදීගැනීම සඳහා එම කන්ටේනරයක් රැගෙන ගොස් ඉස්සන් ඇඹරූ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණයේ ඇති ඉහත සඳහන් පෞද්ගලික සමාගම ද ටෙන්ඩර් ඉදිරිපත් කර තිබූ බව ද වරාය සේවකයෝ කියති.

පළමු ටෙන්ඩරයකදී ගැනුම්කරුවකු ඉදිරිපත් නොවුවහොත් තුන්වරක් ටෙන්ඩර් දැමිය යුතු වුවද වරාය අධිකාරියේ වර්තමාන පරිපාලනය එම ඉස්සන් තොගය නැවත ටෙන්ඩර් නොකළ බව කියන එහි සේවකයෝ වරායේ සහ රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ඉස්සන් තොගය විනාශ කරන ලෙස නිර්දේශ කළ බව ද සඳහන් කළහ.

එම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමේ නිර්දේශය ඉක්මන් කිරීමේ    උපක්‍රමයක් ලෙස එම කන්ටේනර් දෙක හිමි නැව් සමාගමට  හිස් කන්ටේනර් දෙක ඉක්මණින් අවශ්‍ය යැයි පවසා වරාය වෙත ලිපියක් ද ලැබී තිබූ බවත් මෙම ඉස්සන් විනාශ කිරීමට නිර්දේශ කර පෑලියගොඩ අදාළ සමාගමට පසුගිය 3 වැනිදා යොමු කරන ලෙස රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී.පී.එම්. පෙරේරා ලිඛිතව දැනුම් දී තිබූ බවත් වරාය සේවකයෝ සඳහන් කරති.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන කළමනාකරු (සේවා සැපයුම්) ප්‍රියශාන්ත කැටිපේආරච්චි, අදාළ කන්ටේනර්වල ඉස්සන් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කරමින් ඒවා ඉවත් කිරීමට අවසර ඉල්ලමින් පසුගිය පෙබරවාරි මස දිනයක් නොමැති ලිපියක් හරහා රේගුවෙන් අවසර ඉල්ලා ඇති බව ද වරාය සේවකයෝ කීහ.

මෙම කන්ටේනරය පෑලියගොඩ පෞද්ගලික සමාගමට ගෙන යන තෙක් ඒ සම්බන්ධ සියලුම කටයුතු වරාය පාර්ශවයෙන් එකම නිලධාරියෙක් මෙහෙය වූ බව කියන සේවකයෝ මෙරට ජනතාව දූෂණයට එරෙහිව පත් කළ  වර්තමාන ආණ්ඩුව එම නිලධාරියා එම උසස් තනතුරට මෑතකදී පත් කළ බව ද සඳහන් කළහ.

විනාශ කිරීමට නිර්දේශ කළ මෙවැනි සත්වයන් තොගයක් පෞද්ගලික සමාගමක් වෙත ගෙන යාමට රේගුවට හෝ වරාය අධිකාරියට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත් මෙම සිද්ධිය පිළිබඳව වර්තමාන ආණ්ඩුව දැඩි අවධානය යොමු කළ යුතු බවත් වරාය සේවකයෝ පැවසූහ.

මෙම ඉස්සන් කන්ටේනර් දෙක විනාශ කිරීමට නිර්දේශ කිරීමේ නිසා රජයට සහ වරාය අධිකාරියට රුපියල් කෝටි ගණනක පාඩුවක් වූ බව ද වරාය සේවකයෝ වැඩිදුරටත් සඳහන් කළහ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම ඉස්සන් තොගය නරක් වී ඇති බැවින් ඒ ආකාරයටම විනාශ නොකරන ලෙස සත්ව නිරෝධායන වෙතින් උපදෙස් ලැබී තිබූ බවත් ඒ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඇති අදාළ සමාගමේ යන්ත්‍ර වලට දමා වියලූ බවත් එම කන්ටේනරයේ තිබූ ඉස්සන් මලු 67 ක් වියලා ඇති බවත්ය.

ඉතිරි කන්ටේනරයේ ඉස්සන් තොගය ද පෑලියගොඩ එම සමාගමටම හෙට (8) ගෙන ගොස් වියළන බවත් කන්ටේනර් දෙකේම ඉස්සන් වියළීමෙන් පසුව කෙරවලපිටිය ප්‍රදේශයේ වගුරු බිමක වලදමන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

වනසන්න කියූ ඉස්සන් අඹරන්න දීලා

ගුණරත්න Monday, 07 April 2025 05:29 PM

ඔය ඉතින් පේන්නේ මාලිමාවුන්ගේ හපන්කම්...!

:       14       8

Neel Monday, 07 April 2025 07:48 PM

හැම තැනම ඉන්නේ ගේමි කාරයෝ....

:       0       0

Nandalal de Silva - France Monday, 07 April 2025 08:25 PM

ඔය ඉස්සො තොගය අඹරා හො වෙන ක්‍රමයකින් හෝ අවසානයේදී නතර වෙන්න තිබුනේ, ශ්‍රී ලංකාව පුරා විහිදී, පැතිරී තිබෙන "චයිනීස් රෙස්ටොරන්ට්" ජාලවල වෙන්න තිබුනා.. පව්... අනේ... පව්...අර ඉස්සො මුදලාලිට. !!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 1053 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 309 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 117 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 1034 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 714 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 245 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 725 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site