
(සුජිත් හේවාජුලිගේ)
අද උදෑසන වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට හේතුව කිසියම් අයකු දුම්රිය මාර්ගයේ පීලි මාරු වන ස්ථානයේ යකඩ කොටසක් ගලවාගෙන යෑම බව මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත
සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථානය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර අද උදෑසන දුම්රිය අනතුරු සිදුවූ වනවාසල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ අයෙක් පෑලියගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය
මොහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිසිය පවසයි
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ අරඹා ඇත
වනවාසල දුම්රිය අනතුරින් මගීහු දොළොස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd