IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල

(කේෂර ගුණතිලක)

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

බණ්ඩාරවෙල සිට මොනරාගල තැපැල් කාර්යාලය සඳහා තැපැල් මළු රැගෙන යන වෑන්රථය හොරොම්බුව හංදිය අසලදී රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව හොරොම්බුව රථගාලේ නතරකර තිබූ ත්‍රීවීල්රථ දෙකක ගැටී පෙර පාසලට ගොස් ආපසු නිවෙස් වලට යාමට බසයක් එනතුරු බලා සිටි පෙරපාසල් ළමුන් දෙදෙනෙකු සහ මවක් යටකරගෙන ඉදිරියේ තිබූ කුඩා වෙළෙඳසැලක ගැටී නතරවී ඇත.

ත්‍රීරෝද රථයක සිටි එක් රියදුරෙකුටද තුවාල සිදුවී ඇත.

තුවාලකරුවන් සිව්දෙනා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර ත්‍රීරෝද රථයේ සිටි එහි රියදුරුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට රථ වාහන අංශයේ ස්ථානාධිපති ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site