
(යොහාන් භාසුර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) ඩුබායිහිදී අද පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඉන්දීය රුපියල් කෝටි 1.5 කට ලබාගත්තේය.
තරගාවලි තුනක් සඳහා වන මෙම ඉන්දීය රුපියල් කෝටි 1.5 ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි හකට ආසන්නය.
දකුණතින් පා දඟ පන්දු යවන්නෙක් මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙක් ද වන වනිඳු 2021 වසරේ සිට අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන අතර ඔහු මෙම තරගාවලියේ මේ දක්වා කඩුලු 35 ක් දවාගැනීමට සමත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ඇතුළුව ලංකාවේ බොහෝ දේ අලවි වෙලා යද්දී මේ අය අලවි වෙන එක අළුත් පුවතක් නෙමෙයි. මේගොල්ලෝ සල්ලි වලට තමන්ගේ අම්මා තාත්තා හරි විකුණන්න බැරි කට්ටිය…අය්යෝ මට නම් බෑ රංජනී!