
(විමුක්ති එස් රුද්‍රිගු)
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
සැමියා වසර දෙකක කාලයක් තවත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර එය හෙළිවීමෙන් පසුව දඬුවමක් ලෙස බිරිඳ "මම වසර දෙකක් අනියම් සබඳතාවක් පැවැත්වුවා.
මගෙන් අහන්න ඒ කොහොමද කියලා" ලෙස සටහන් කළ විශාල පුවරුවක් සැමියාගේ බෙල්ලේ එල්ලා නිව්යෝක් නුවර වෝල්ට් වයිට්මෑන් වෙළඳ සංකීර්ණයේ ප්‍රසිද්ධියේ ඇවිද්දවා ඇත. ඇවිදින විට බිරිඳ ඔහු ඉස්සරහින් මේ මිනිහා වසර දෙකක් අනියම් සබඳතාවයක් පවත්වලා යැයි කෑගසමින් ගමන් කර තිබිණි.
එම කාන්තාවට අනියම් සබඳතාව පැවැත්වූ පිරිමි පුද්ගලයට දාව එක් දරුවකු සිටින බවත් දෙවැනි දරුවා බඩ දරාගෙන සිට ඇති බවත් පැවැසෙයි. කුඩා දරුවාද සමග ඇය සුපිරි වෙළඳසැලට පැමිණ ඇති අතර මේ වනවිට මෙම වීඩියෝව මිලියන 5 කට අධික පිරිසක් නරඹා තිබිණි. එහිදී ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් දඬුවම සම්බන්ධයෙන් විවේචන එල්ල කර ඇති අතර අනියම් සබඳතාව පැවැත්වූ පුද්ගලයා අත් නොහැර මෙවැනි දඬුවමක් ලබාදී ඇත්තේ කුමන හේතුවක් නිසාවෙන්දැයි ප්‍රශ්න කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වීව්ස් ගන්න කරන වැඩ. මිලියන ගණනක් බලපුවාම එයාට මිලියන ගාණක් සල්ලි හම්බවෙනවා. ඉතින් ආත්ම ගරුත්වය කියලා දෙයක් ගැන හිතන්නේ නෑ. ලංකාවෙත් වෙන්නේ ඕකනේ.
වැඩිහිටි ප්‍රශ්නයකට ළමා විසඳුමක්! නමුත් ඒ කාන්තාවට කිසිම අයිතියක් නෑ අර ප්‍රෑම් එකේ ඉන්න බබා එයාගේ දරුවා වුණත් ඔතැන තියාගෙන ඉන්න.
මං ඉන්නේත් නිව්යෝර්ක් වල නෙමෙයි. ඒ කොහොමද කියලා අහගන්න දුරකථන අංකය එල්ලලා තියෙන බෝඩ් එකේ නැහැනේ...
මේවා කලින් කතා කරගෙන කරන දේවල්. අර ගෝල්ඩ් ඩිගර් වගේ