IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විනාඩි 30ක මෙහෙයුමකින් ජීවිතයක් බේරා ගැනේ

(සුමිත් පොතුපිටිය)

ලොරි රථයක ගැටී වැන් රථයේ සිරවූ පුද්ගලයකු යකඩ දම්වැල් සහ ගල් ඉනි උපයෝගී කරගනිමින් විනාඩි 30 ක මෙහෙයුමකින් බේරාගැනීමට අද රාත්‍රියේ වස්කඩුවේ තරුණයන් පිරිසක් සමත්වුහ.

කළුතර දෙස සිට කොළඹ දෙසට ලොරි රථය ධාවනයවී තිබූ අතර , අධික වේගයෙන් පිටුපසින් පැමිණි වෑන් රථය කුඩා වස්කඩුව ප්‍රදේශයේ දී ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

විශාල හඩක් නගමින් අනතුර සිදුව ඇති අතර , ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ස්ථානයට ළගාවී සිරවී සිටී පුද්ගලයා විනාඩි 30 ක පමණ මෙහෙයුමකින් බේරාගන්නා ලදී.

ඒ වනවිටත් 1990 සුවසැරිය ස්ථානයට ළගාවී තිබූ අතර ඔවුන්ගේ උපදෙස් අනුව තරුණ පිරිස කටයුතු කරනු ලැබීය.

කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ද ස්ථානයට ළඟා වී තිබූ අතර, ඒ වනවිටත් තරුණයින් අනතුරට පත් පුද්ගලයා මුදාගෙන 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

 



අදහස් (0)

විනාඩි 30ක මෙහෙයුමකින් ජීවිතයක් බේරා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site