









(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලගන්තිලක)
(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලගන්තිලක)
මන්දකට හසු වී පලාවිත් ගසක දෙබලක සිර වී දැඩි ලෙස තුවාල ලබා සිටි කඳුකර කොටියෙකු වනජීවි නිලධාරින් විසින් පැය තුනක මෙහෙයුමකින් මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රණිදෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ සවුක්ක ගසක අඩි 20 ක් පමණ ඉහළට නැග ඇති කොටියාගේ උදරය ප්‍රදේශය මන්ද සහිතව ගසේ දෙබලේ සිට සිර වී ඇත.
ගාඩ්මොර් තේ වත්තේ එළවළු වගා භුමියක වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු උගුලකට කඳුකර කොටියා ( 17) දින රාත්‍රියේ හසු වී ඇති අතර , පසුව කොටියා මන්ද කඩාගෙනවිත් තේ වත්තේ රැඳී සිටියදි වතු කම්කරුවන් පිරිසක් කොටියාට ගල් මුගුරු වලින් පහර දෙන අවස්ථාවේ ඉන් මිදීමට තේ වත්තේ තිබු ගස මතට නැග ඇත.
මන්ද සහිතව ගසට නැග ඇති කොටියා ගසේ දෙබලක මන්දේ කෙරවලක ගැට ගසා තිබු මුගුරක් සිර වීම නිසා දෙබලේ සිර වී ඇති අතර, ගසින් බැසීමට උත්සහ කිරීමේදි දැඩි ලෙස තුවාල ලබා ඇත.
රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ පශු වෛද්‍යවරුන් , නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමග පැමිණ දැඩි උත්සහයක් දරා නිර්වින්දනය කර කොටියා ගසින් පහළට ගෙනෙන ලදී. සිරවී තිබු මන්ද දැඩි පරිශ්‍රමයක් දරා කපා ඉවත් කර තුවාල ලබා සිටි කොටියාව ආරක්ෂිත කූඩුවක දමා වැඩිදුර ප්‍රතිකාර සඳහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කඳුකර කොටියා වයස අවුරුදු 4 කින් යුක්ත බවත්, කොටියා අඩි 4 කින් පමණ දිගකින් යුක්ත බවත්, වනජීවී නිලධාරීහු කියති.
දිගු වේලාවක් මන්දේ සිර වී බේරි යාමට උත්සහ කිරීම නිසා උදරය ප්‍රදේශයට සහ වකුගඩුවලට දැඩි ලෙස හානි සිදු වීම හේතුවෙන් කොටියා මියගොස් ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේය.
මිය ගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියව නිර්වින්දනය නොකර අල්ලාගෙන ප්‍රතිකාර කළා නම් සුදුසු යයි මම සිතමි.
මරණයට හේතු විය හැකි එක් තීරණාත්මක සිදුවීම නම් කොටියා බිමට හෙළූ ආකාරයයි. එය නියත වශයෙන්ම වෘත්තීයමය නොවේ.
අප වගේම මේ රටේ ඉපිද, එහෙත් නිදහසේ ජීවත්වීමට නොහැකිවු අසරණයෙක්.
මේ සතාගේ ජීවිතය නැති කරපු සියලු දෙනාට විරුද්ධව නීතියෙන් කටයුතු කර දඬුවම් දිය යුතුයි. එතකොට අනික් මිනිසුන් තේරුම් ගන්නවා වරදේ බරපතල කම...
මන්දෙනුත් බැට කාගෙන, කුමක් කරම්දෝයි සිතමින් ඉන්න විට, ගල් මුගුරු වලිනුත් පහර වදින විට අසරණයා ගසකට නැග හෝ දිවි බේරා ගන්නවා හැර වෙන කුමක් කරන්නද.?. පැටවුන් සිටිනා කොටි ධේනුවක් නම් ,අවධානමත් නොතකා කෑමට යමක් සොයාගෙන ගම් වදින්න ඇති. මේ අලංකාර සත්වයන් "මාංශ භක්ෂිකයන්" නිසා ගම් වැසියන් බියට පත් වෙන්න ඇති. මියයාම කාටත් පොදු ධර්මතාවයක් වුණත් ,මේ අසරණ සත්වයා පැය ගණනාවක් ,නොවිදිනා දුක් විඳිමින් ,සමු ගැනීම අපටත් මහත් දුකකි. මේ සතාගේ දිවි බේරා ගැනීමට කැප උන සියලු දෙනාමත් කර ඇත්තේ මහත් පිනකි.
අනේ මෙහෙමත් අපරාධයක්. හොදට හිටපු සතා බේරාගන්න බැරි වුනානේ. නිර්වින්දනය කරාට පස්සේ මොකටද සතා බිමට ඇදලා දැම්මේ? පරිස්සමින් අරගත්තා නම් තවමත් ජීවත් වෙනවා. කොතරම් බෙහෙත් ප්‍රමාණයක් විද්දද කියලා හොයලා බලන්න. වෘත්තීයමය විදියට මේ දේවල් කරන විදිය පුහුණු කරන්න ඕනා. මේවා ජාතික අපරාධ, මෙතරම් ලස්සන සතෙක් මරලා දැම්මේ නිරපරාදේ. වගකිවයුතු අයට දඩුවමක් වත් නැද්ද?
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස මෙම කථාව මට ඉතා කණගාටුදායකය. ආහාර සෙවීම සත්වයාගේ වරදක් නොවේ; එය ස්වභාවික සහජ බුද්ධියක්. මෙහි භාවිතා කරන ක්‍රියා පටිපාටිය අවාසනාවකට මුළුමනින්ම වැරදිය. මෙම සුන්දර සත්වයාගේ ඛේදජනක මරණයට හේතු වී තිබේ. යම් දෙයක් එය තනිවම තබා ඇත්නම් එය බොහෝ දුරට නොනැසී පවතිනු ඇත.
මේ වනජීවී නිලධාරීන් සතාව බිමට ගන්න කීපාරක් අර තුවක්කුවෙන් වෙඩි තිබ්බද හරියට එල්ලය ගන්න බැරුව. ඔහොමද නිර්වින්ද සතුන්ට විදින්නේ. වෘත්තිය මට්ටමක නෑ. නිවැරදි පුහුණුවක් ලබාදිය යුතුයි. මමනම් හිතන්නේ ඒ නිර්වින්දන ඩෝස් එක වැඩි වෙලා සතා මැරුණද දන්නේ නෑ. මේ බළල් පව්ලේ සත්තුන්ගේ පණ හයියයි, පණ 7 ක් තියනවා කියලයි කියන්නේ. මේ ගොල්ලෝ නිර්වින්දනය වැඩිපුර ගහල අපහු සිහිය ගන්න බැරුව අලි නම් කීදෙනෙක් මැරුණද කියල දන්නේ ටික දෙනෙක් විතරයි.
පස්වෙනි පින්තුරයේ පෙනෙන ආකරයට කොටියව මද්දෙන් (උගුලෙන් ) බිමට ගත්තා වගෙයි ???
වනජීවී නිලධාරීන් එක්ක තරහට බලෙන් මැරිල වගේනෙ. ගහ උඩ උන්න කොටිය බිමට ගත්ත විදිය දැක්කම පේනවා ඌ ඇත්තටම මැරෙන්න ඇත්තෙ කොහොමද කියලා. නිවැරදි පුහුණුවක් නැතිකමයි අවශ්‍ය මූලිකම උපකරණ සහ තැනට සුදුසු නුවණක් නැති කමත් කොටියගෙ මරණෙට හේතු..
මමත් කියන්නේ කොටියව බිමට බාපු විදිහට උගේ මරණය ගොඩක් ඉක්මන් වෙන්න ඇති...
මට නම් හිතෙන්නේ වනජීවී එකේ හරියට ජොබ් එක කලේනේ.... හරියට වෙඩි තියගන්න බැහැ එක පාරට. මන්ද ගෙට ගහල බාපු විදිහ වෙරදි... මට හිතෙන්නේ සතා මැරුනේ ක්‍රමයේ වැරද්දෙන් කියල. අනිත් එක මෙයාල මෙතනට එන්න වෙලා ගන්න ඇති...
මෙ සතා මැරුණේ බිමට ගැනීමට බාවිතා කළ ලනුව හිරවෙලා සුවර්...
දැන්වත් පාලකයින් කොන්දක් ඇතිසේ තීන්දු තීරණ ගත යුතුයි. සියලුම වනජීවීන් හට මනුෂ්‍යයින්ට සමාන මානව හිමිකම් ඇතිකොට වනජීවීන් ඝාතනය මනුෂ්‍ය ඝාතනයක් හා සමාන ලෙස සලකා නීතිය තදින්ම ක්‍රියාත්මක කළයුතු අතර ස්වභාවධර්මයා රැක ගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ වසංගත උවදුර මැඩපැවැත්වීම හා සමගාමීව කළ යුතුය. ලෝකයේ රටවල් ස්වභාවධර්මයාහට මිනිසාට සමාන නීති පද්ධතියක් ඇතිකිරීමට දැනටමත් පටන්ගෙන ඇත. ඇතැම්විට අපේ රට මෙවැනි උවදුරු වලින් ආරක්ෂාවන අවසාන පරිච්ජේදය මේ විය හැකිය.
මේ සතාට කන්න බොන්න නැතුව වේලීලා හිටියේ. සේලයින් එකක්වත් දුන්නේ නෑ. ගොන් විදියට සැළකුවේ. අනේ පව්!
මීට වඩා පහසුකම් වනජීවියට දෙන්න බැරිද?
සතුන් ඇතුළුව මිනිසුන් පවා ඇතැම් විට මිය යන්නේ බේරා ගන්න එන අයගේ වැරදි වලිනි.
සාමාන්‍ය දැනුමක් නැති වනජීවී නිලධාරීන්....බෙල්ට් දෙකක් තිබ්බනම් අපුරුවට බේරගන්න තිබුනා. මේක සුළු වැඩක්. මන්දට කොටිය මැරුනේ නැහැ. තනි පුද්ගලයෙක් වත්තේ ගියානම් මොකක් දේ වෙන්නේ? කතරගම පුජා නගරයේ වසු පැටියාගේ ගාතක් කපාගෙන ගියා. හක්ක පටස් අලින් මරනවා. සමහර ජාතිවාදීන් අහිංසක වතු කම්කරුවන්ට බනින්න හදනවා. ජනසවියත් මේ මිනිසුන්ට දෙන්නේ නැති මහා ජාතිය.....අපි ලැජ්ජා වෙන්න ඕන....
ඕක තමයි සුනිල් පෙරේරා කියන්න හැදුවේ. ආදී කාලේ අනුරාධපුර, පොළොන්නරු යුග වල තමයි අපේ රට පින් කෙත හෙළ රන් දෙරණ වෙලා තිබ්බේ. ගහක ඉන්න සතෙක්වත් බේරගන්න බැරි තරම් නොදියුණු දියුණුවක් තමයි අද කරගෙන තියෙන්නේ. මේ සතා කියයිද පින්කෙත හෙළ රන්දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා කියලා? වහලුනේ ඇස් අරින්න !!!
කොටියෙකුගේ ජීවිතය බේරපු හැටි. බෙල්ට් දාල නේද බාන්න ඕනේ .
ඔය පැත්තේ මිනිස්සු ඉවත් කරලා රක්ෂිත කරන්න ඕන.