IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙන්චර් එන්ජින් දසවැනි වසරට පා තබයි

ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායන්ට අත දෙන පුරෝගාමී වැඩසටහනක් වන Venture Engine 2021 වසර සඳහා ද දියත් කර ඇති අතර, එහි අයදුම්පත් භාර ගැනීම ඔක්තෝම්බර් 22 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා විවෘතව තැබේ.

වසංගතය මධ්‍යයේ දේශීය ව්‍යවසායකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා 2021 ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල මෙම වැඩසටහන පැවැත්වෙන අතර, නව්‍ය හා වැඩිදියුණු කළ හැකි ව්‍යාපාර සඳහා ආධාර කිරීමේ සැලසුම් සමඟින් Venture Engine දස වසරක සේවාවක් සඳහා හිමිකම් කියයි. ආරම්භක අවධියේ පසුවන සහ  දියුණුවෙමින් පවතින ව්‍යාපාර කෙරෙහි මෙම වැඩසටහන මගින් අවධානය යොමු කෙරුණද, විශාල වෙළඳපොළ අවස්ථා සඳහා වැදගත් වන නවමු ව්‍යාපාරික අදහස්වලින් පිරි ව්‍යවසායකයන් පිළිබඳවද අවධානය යොමු කරයි.

Venture Engine 2021 වැඩසටහන සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දරන ෆෝඩ් පදනම මෙසේ සඳහන් කළේය. 

“නව ව්‍යවසායන් යනු නවෝත්පාදන සඳහා උත්ප්‍රේරකයකි. Venture Engine වැනි වැඩසටහන් විශේෂයෙන් ඉලක්ක කර ගන්නේ එවන් නවෝත්පාදන ශ්‍රී ලංකාවට මෙන්ම ඉන් ඔබ්බට ද සේවා සැපයීමට සවිබල ගැන්වීමයි. ශ්‍රී ලංකාව ගෝලීය තලයට ගෙන යාමට කටයුතු කරන සංවිධාන හා ව්‍යාපාර සමඟ හවුල්වීමට අපි දැඩි උනන්දුවක් දක්වන්නෙමු. මෙම සුවිශේෂී වැඩසටහන ඒ සඳහා වූ විශාල පියවරක් යැයි අපි විශ්වාස කරන අතර, අප කිසිසේත් එම අවස්ථාව මග හරින්නේ නැත.”

Venture Engine 2021 අයදුම් කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව, තීරණාත්මක වට කිහිපයකට හා වැඩමුළු කිහිපයක් වෙත යොමු කෙරෙනු ඇත. එහිදී ඔවුන් ආයෝජකයන් හා ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගෙන් සමන්විත මණ්ඩලයක් වෙත තම අදහස් ඉදිරිපත් කරනු ඇත.



අදහස් (0)

වෙන්චර් එන්ජින් දසවැනි වසරට පා තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site