
(යොහාන් භාසුර)
ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාරීහූ අද (20) පස්වරුවේ තීරණය කළහ.
ඒ අනුව අලි අනතුරු බහුල එම පෙදෙසේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීම, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම, මෙය විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් සෘජුවම සහභාගී කරවාගැනීම, දුම්රියවල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමට සළකා බැලීම යන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.
මෙම සුවිශේෂ සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ පරාසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් යන මහත්වරු ද පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරු ද උක්ත සියලු ආයතන වල ප්‍රධාන නිලධාරීවරු ද සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කෝච්චි වැඩකටම නෑ....පාඩු ලබ ලබ අහිංසක සත්තු යටකරන මර උගුල්....ඕවට වඩා හොදයි පාරේ දුවන ලංගම බස්....
ඔය ටික කරන්න මෙච්චර කල් ගත්තේ මොකද? ඇයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ඕක කරන්න මහ ලොකු බජට් එකක් ඕනෑද? සත්තු කී දෙනෙක් නම් නිරපරාදේ මරා දැම්මාද පහුගිය අවුරුද්ද ඇතුළත?
මේ කාරණය සදහා අවශ්‍යව අරමුදල් ලෝක වන සත්ව අරමුදල (WWF=World Wildlife Fund) මගින් ලබාගන්න පුළුවන්ද යන කාරණය පිලිබඳ සොයා බලන ලෙස ඉහළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිමි. යම් හෙයකින් අරමුදල් සපයා ගත නොහැකි වුවද තාක්ෂනික සහය සහ උපදේශ සේවා ලබාගනීම පුළුවනි .මෙ වන අලි ගෙටලුව කලමානාකරනය සදහා රාජ්‍ය මට්ට්මින් උපදෙස් ලබාගන්නට හැකිය.
මාර්ගය පෙනෙන ලෙස ගස් කපා දැමීම තවත් පාරිසරික ගැටළුවක්. සාමාන්‍යයෙන් වන අලින් පාර මාරු වීමට තෝරා ගන්නේ එක් නිශ්චිත ස්ථානයක්. මෙවැනි ස්ථාන අලි මංකඩ ලෙසින් හැඳින් වෙනවා. වෙනත් රටවල් වල නම් කර ඇත්තේ මෙවැනි ස්ථාන වලින් වන සතුන්ට පාර මාරු වීමට දුම්.රිය මාර්ගයට ඉහලින් හෝ මාර්ගය යටින් ප්‍රවේශයක් සෑදීමයි. වඩාත් ඵල දායක වන්නේත් එයයි. අන්තර්ජාලය පිරික්සුවොත් එම ආකාර මොනවාද කියා හොඳටම බලා ගන්න පුළුවන්. බංග්ලාදේශයේ පවා මේ ක්‍රමය ක්‍රියාත්මකයි.
කෝච්චි වැඩක් නෑ කියල කියන්නේ මේ රටේ විශාලම ප්‍රවාහනය බව නොදන්නා මෝඩයෝ ඉන්න රටේ නිසා ගන්න ක්‍රියාවලිය මේ වගේ හරක් ගෙන් උපදෙස් අරං කරන්න.එතකොට gps හෝ sensor යොදා කෝච්චි ධාවනය කරන්වා වගේ නවීකරණය වැඩක් නෑ .රේඩාර් උපයෝගී කරන්න එපා.