
(යොහාන් භාසුර)
බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවගේ සහය අනිවාර්යෙන් ලැබිය යුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් (සංවර්ධන) ජී. වී. ශාමලී මහත්මිය අද (14) පැවසුවාය.
බත්තරමුල්ලේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (14) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජී. වී. ශාමලී මහත්මිය එසේ පැවසුවාය.
කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මකරන මෙම වන සත්ව සංගණනය මෙරට පළමු වන සත්ව සංගණය වන අතර මෙහිදී දහවල් කාලයේ සැරිසරන මෙන්ම උඩින් යෑමේ හැකියාව ඇති සත්ව වර්ග හතරක් වන රිළවා, වඳුරා, දඬුලේනා සහ මොණරා යන සත්ව වර්ග හතරක පමණක් ගණනය කරන බවත් ඊත්තෑවා සහ වල්ඌරා යන දරුණු හානි තිබුණත් ඔවුන් රාත්‍රී සරිසරන සතුන්වීම නිසා මෙම සංගණනයේදී ගණනය නොකරන බවත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හැකිතාක් දුරට සාර්ථක කර ගැනීමට ඔබ සැම සහාය දෙන්න.
අනේ ශ්‍යාමලියේ, ඌරන් හා ඉත්තෑවන් පොල් පැල කාලයේ සිටම හානි කරන සතුන් වර්ග දෙකක්. ඔවුන්ගෙන් සිදුවන හානිය ඉතාමත් වැඩියි. ඊළඟට වදුරෝ නම් එතරම් හානියක් කරන්නෙත් නැහැ. ඒ සත්තු ඉන්නෙත් ඉතාමත් අඩුවෙන් දඩුලේනා හා රිලව් කරන හානියත් සුලුපටු නැහැ. කොහොම හරි මොනරුන්ට සංගණනය ගැන ආරංචිවෙලාද මංදා ඊයේ හවස සිටම අහල පහලට පැමිණි මොනරු වලවල් වලටත් නැගිටලා අපු ආවෝ කියලා කෑගහනවා. අනේ නෝනේ බොරු වැඩ නොකර ඔය සතුන් මර්ධනය කරන්න රිලව් රට යැවීමට විරුද්ධව බෙරිහන් දුන්නු අමනයින් පිරිසට බාරදීලා බෝග වගා බේරාගන්න යෝජනාවක් ක්‍රියාත්මක කරන්න.
අපි අදම වැඩේ කළා. අපේ ගෙදර 5 දෙනාම... අම්මා, තාත්තා, මම, නංගි, මල්ලි ඇයි අවුල්ද ඒක? මාලිමාවන්ට කරගන්න බෑ...