(ඉන්දික අරුණ කුමාර)

මාතලේ - විල්ගමුව,  මොරගහඋල්පත ප්‍රදේශයේ වන අලි පහරදීමකින් දියණියක හා පියෙකු  මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි.

අද (15) උදෑසන විල්ගමුව පේරකනත්තේ සිට මොරගහඋල්පත ප්‍රදේශයේ ගොවිපොළක සේවය කරන තම දියණිය ඇරලවීම සඳහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි මෙම දෙදෙනාට එම මාර්ගයේදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බව විල්ගමුව  පොලිසිය සඳහන් කරයි.

පසුව ප්‍රදේශවාසීන් විසින් මෙම දෙදෙනා විල්ගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති බවත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බත්ව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ විල්ගමුව  පේර කනත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි  වයස අවුරුදු 57ක් වූ යු. ජි.ආනන්ද සමරවික්‍රම  සහ වයස අවුරුදු 25 ක් වූ තනුජා  සමරවික්‍රම  නමැති පියා හා දියණියයි.