
(ප්‍රසාද් රුක්මල් )
කොස්ලන්ද උඩ දියලුම ඇල්ල රක්ෂිතයේ පෙම්වතුන් යුවලක් කුඩාරමක් තුල රැය පහන් කරමින් සිටියදී පහරදී තරුණියක මරා දැමු වන අලියා ඌව මාවෙලගම ප්‍රදේශයේ දී යතුරුපැදියක යමින් සිටි පිය පුතු දෙපලකටද පහරදීමෙන් පියපුතු දෙපල තුවාල ලබා මොණරාගල සිරිගල රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලිසිය පවසයි .
වන අලියකු පහරදීමෙන් මෙසේ රෝහල් ගත කර ඇත්තේ කොස්ලන්ද ඌවමාවෙලගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පියෙකු සහ කොස්ලන්ද විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන 10 හැවිරිදි පුතෙකු යැයි පොලිසිය කීය .
මෙම සිසුවා පියා සමග යතුරුපැදියක ගමන් කරමින් සිටියදී ඌවමාවෙලගම ප්‍රදේශයේ මාර්ගය අසල සැරිසරමින් සිටි වන අලියා මෙසේ පිය පුතු දෙපලට පහරදී යතුරුපැදියටද පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .
මොවුන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි පහර කෑ පිය-පුතු රෝහලේ